තිල්අ­ඩියේ තැපැ­ල්ක­රු­වකු නිල ඡන්ද පත්‍රිකා 147ක් කඩේ­කට භාර දීලා!

පුත්ත­ලම, තිල්අ­ඩිය කලා­පයේ ඡන්ද දාය­ක­යන් වෙත බෙදා­හැ­රී­මට නිකුත් කළ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේ­ශයේ වෙළෙ­ඳ­ස­ලක් තුළ තිබී ඊයේ (19) උදෑ­සන සොයා­ගෙන ඇති අතර, ඒ පිළි­බ­ඳව ඉහළ තැපැල් නිල­ධා­රීන්ගේ උප­දෙස් මත පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි පුත්ත­ලම තැපැල් ස්ථානා­ධි­පති එච්.එෆ්. අමීර් මහතා දින­මි­ණට ප්‍රකාශ කළේය.

ඒ අනුව පුත්ත­ලම ප්‍රධාන තැපැල් කාර්යා­ල­යෙන් තිල්අ­ඩිය කලා­ප­යට බෙදා දීමට නිය­මි­තව තිබූ නිල ඡන්ද පත්‍රිකා 5,723ක සංඛ්‍යාව අතු­රින් මෙලෙස 147ක ඡන්ද පත්‍රිකා තොග­යක් අදාළ වෙළෙ­ඳ­සල තුළ තිබෙන බවට ලැබුණු පැමි­ණි­ල්ලක් මත අදාළ ස්ථාන­යට නිල­ධා­රීන් පිරි­සක් යවා එම ඡන්ද පත්‍රිකා තොගය ආපසු තැපැල් කාර්යා­ල­යට රැගෙන ඒමට කට­යුතු තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රයා කට­යුතු කර ඇත.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් පුත්ත­ලම ප්‍රධාන තැපැල් කාර්යා­ල­යට නිල ඡන්ද පත්‍රිකා 47,610ක් ලැබී ඇති අතර, එයින් 5,638ක් බෙදා දීමට නොහැකි වී ඇත. එසේ බෙදා දීමට නොහැකි වූ ඡන්ද පත්‍රි­කා­ව­ලින් 1,176ක් ඡන්ද දාය­ක­යන් විසින් පුත්ත­ලම ප්‍රධාන තැපැල් කාර්යා­ල­යට පැමිණ භාර ගෙන තිබිණි. එයින්ද ඉතිරි ඡන්ද පත්‍රි­කා­ව­ලින් අඩ­කට ආසන්න සංඛ්‍යා­වක් 19 දිනද ඡන්ද දාය­ක­යන් පැමිණ භාර ගෙන තිබේ.

මෙවර පුත්ත­ලම ප්‍රධාන තැපැල් කාර්යා­ල­යට ලැබුණු නිල ඡන්ද පත්‍රිකා 47,610 කලාප 15කට බෙදා­හැ­රීම සඳහා තැපැ­ල්ක­රු­වන් 14 දෙනකු යොදවා තිබු බවත්, කෙසේ නමුත් ඡන්ද පත්‍රිකා බෙදා අව­සන් කළ යුතුව තිබූ 14 දින සවස 6.00 වන විටද එය අව­සන් කිරී­මට නොහැකි වීම හේතු­වෙන් ඉතිරි ඡන්ද පත්‍රිකා ප්‍රධාන තැපැල් කාර්යා­ලය භාර­යට ගෙන තිබූ බවත් කියයි. එහෙත් තිල්අ­ඩිය දෙවැනි හරස් වීදියේ හා තුන්වැනි හරස් වීදියේ ලියුම් බෙදන්නා පදිං­චි­ක­රු­වන්ට අදාළ ඡන්ද පත්‍රිකා එසේ ආපසු තැපැල් කාර්යා­ල­යට රැගෙන ඒම පසෙක තබා මෙලෙස වෙළෙ­ඳ­ස­ල­කට ලබා දීම සම්බ­න්ධ­යෙන් විශේෂ පරී­ක්ෂ­ණ­යක් මේ වන විට ආරම්භ වී තිබේ. නිල ඡන්ද පත්‍රි­කා­වක් කිසිදු අන්ද­ම­කින් වෙනත් අය­කුට ලබා දිය නොහැකි බව මැති­වර්ණ නීති­වල දැඩි ලෙස සඳ­හන් තිබෙන පසු­බි­මක මෙලෙස ඡන්ද පත්‍රිකා අන් සතු කිරීම බර­ප­තළ වර­දක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් අදාළ නිල ඡන්ද පත්‍රිකා සම්බ­න්ධ­යෙන් පුත්ත­ලම ප්‍රධාන තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් ප්‍රාදේ­ශීය තැපැල් අධි­කාරි ඇතුළු ඉහළ නිල­ධා­රී­න්ගෙන් ලත් උප­දෙස් මත විශේෂ කණ්ඩා­ය­මක් යොදවා අදාළ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට 19 දින දහ­වල් වන විට නැවත කට­යුතු ආරම්භ කළ බව පුත්ත­ලම තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රයා දින­මි­ණට පැව­සීය.