ඩකා නුවර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­මෙන් සිසු­වකු මරුට-ප්‍රති­වාදී පිලේ සිසුන් 3ක් අත්අ­ඩං­ගුවේ

බංග්ලා­දේ­ශයේ ඩකා අග­නු­වර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­ම­කින් එක් සිසු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මිය­ගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්ව­වි­ද්‍යා­ලයේ දේශන ශාලා­වක් තුළ සිදුවූ පහ­ර­දී­ම­කින් බවත්, ඝාත­න­යට සැකපිට තවත් සර­සවි සිසුන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අත්අ­ඩං­ගු­වට පත්වූ එක් සිසු­වකු ඩකා විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා හා තාක්ෂණ විද්‍යා පීඨ ශිෂ්‍ය සංග­මයේ උප­ලේ­කම් බව ද වාර්තා වේ.

අත්අ­ඩං­ගු­වට පත් වී ඇත්තේ ඩකා විශ්ව­වි­ද්‍යා­ලයේ නේවා­සි­කව සිටි සිසුන් වන අතර, මියගිය සිසුවා සොරකු බවට සැක කර­මින් පහ­ර­දීම සිදුවී ඇති බව මූලික විම­ර්ශ­න­යේදී සඳ­හන් වී ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද ඩකා විශ්ව­වි­ද්‍යාල පරි­ශ්‍රය තුළ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් තහ­නම් කරන ලෙස එම විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් පිරි­සක් පසු­ගි­යදා විරෝ­ධ­තා­වක නිරත වූ අතර, සර­සවි ශිෂ්‍ය දේශ­පා­ල­න­යට හිත­වාදී සිසුන් ඊට විරුද්ධ වූ බවත් වාර්තා වී තිබිණි.  ඊයේ  එම සිදු­වීම හා පෙරේදා සිදුවූ සර­සවි සිසු­වාගේ ඝාත­නය අතර සම්බ­න්ධ­තා­වක් තිබේ­දැයි පොලි­සිය වැඩි­දුර විම­ර්ශන ආරම්භ කර ඇතැයි  වාර්තා වේ.