ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැට­ලුව ගැන CID පරී­ක්ෂ­ණ­යක්

නික­වැ­ර­ටිය ප්‍රධාන පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න කිහි­ප­යක්ම ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහ­භාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවු­පියෝ චෝදනා කරති.

මේ නිසා තම දරු­වන්ට අසා­ධා­ර­ණ­යක් සිදුවූ බව පව­ස­මින් මවු­පි­යන් පිරි­සක් එම පාසල ඉදි­රි­පි­ටදී අධ්‍යා­පන බල­ධා­රින්ට භාර දීම සඳහා ලිපි­යක් ඊයේ (19) අත්සන් තබා ඇත.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළි­බඳ මතුව ඇති ආන්දෝ­ල­නා­ත්මක ගැට­ලුව සම්බ­න්ධ­යෙන් විභාග දෙපා­ර්ත­මේ­න්තුව හා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පරී­ක්ෂණ පව­ත්වනු ලබන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබේ.

එම පරී­ක්ෂණ අව­සන් වූ වහාම මේ සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට නිය­මිත බව ද අමා­ත්‍යාං­ශය නිකුත් කර ඇති නිවේ­ද­නයේ දැක්වේ.  මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහි­ප­ය­කට සමාන ප්‍රශ්න සහිත අනු­මාන ප්‍රශ්න පත්‍ර­යක් අලව්ව ප්‍රදේ­ශයේ උප­කා­රක පන්ති ගුරු­ව­ර­යකු විභා­ග­යට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල විණි.  ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඬුල්ලේ ද එක­ඟ­ත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අව­සන් ලකුණු ලබා­දී­මට විභාග දෙපා­ර්ත­මේ­න්තුව පසු­ගි­යදා (17) තීර­ණය කළේය.  එවන් පසු­බි­මක මවු­පි­යන් පිරි­සක් පෙරේදා (18) පෙර­ව­රුවේ විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පි­ටට පැමිණ විරෝ­ධ­තා­වයේ නිරත වූ අතර එහිදී උද්ගත වූ නොස­න්සුන් තත්ත්වය පාල­න­යට කැරලි මර්දන ඒක­කය කැඳ­වී­ම­ටත් බල­ධා­රීන් පිය­වර ගෙන තිබිණි.  අන­තු­රුව මවු­පි­යන් හය දෙන­කුට විභාග කොම­සා­රි­ස්ව­රයා සමඟ සාක­ච්ඡා­වක් සඳහා අව­ස්ථාව හිමි­විය.‍ මෙම ගැට­ලුව සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු­ක­රන ලෙසට ශිෂ්‍ය­ත්වය සඳහා පෙනී­සිටි සිසුන්ගේ මවු­පි­යන් පිරි­සක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමි­ණි­ල්ලක් ද ඉදි­රි­පත් කර තිබිණි.