මැතිවරණ පැමිණිලි 5200 ඉක්මවයි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 5071ක් වන බව සඳහන්.

ඊයේ (19) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී තිබෙනවා.