බංග්ලාදේශයේ රාජ්ෂාහි විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය පීඨයේ මහාචාර්යවරියන් දෙදෙනකු සේවයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් ඊයේ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. රාජ්ෂාහි විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කළ සිසුන් පසුව පාගමනින් මනෝවෛද්‍ය පීඨය වෙත ගිය බවත්, ඔවුන් විරෝධතා පුවරු හා සටන් පාඨ ඔසවා ප්‍රදර්ශනය කිරිමට පටන් ගත් බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
අදාළ අධ්‍යයන පීඨයේ මහාචාර්යවරියන් දෙදෙනා ඉවත් කිරීමට අමතරව තවත් ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර ඇති අතර, මින් ඉදිරියට සිසුන්ට තර්ජනය කිරීමට ආචාර්ය මණ්ඩලයේ කිසිවකුට ඉඩ නොතබන ලෙසත්, පෞද්ගලික කෝන්තර මත පළිගැනීම්වලට සිසුන් ලක් නොකරන ලෙසත් එම ඉල්ලීම් අතර තිබෙන බව වාර්තා වේ.