බක­මූණ ඇඟ­ලුම් කම්හ­ලක කෑම විෂ වී 500ක් රෝහ­ලට

පොලො­න්න­රුව බක­මූණ ප්‍රදේ­ශයේ ප්‍රධාන පෞද්ග­ලික ඇඟ­ලුම් කර්මාන්ත ශාලා­වක පැවැති උපන් දින සාද­ය­කදී ආහාර විෂ වීමෙන් එහි සේවක සේවි­කා­වන් පන්සී­ය­කට ආසන්න පිරි­සක් ඊයේ (19) පෙර­ව­රුවේ බක­මූණ සහ අත්ත­න­ක­ඩ­වල ග්‍රාමීය රෝහ­ල්ව­ලට ඇතු­ළත් කර ඇතැයි බක­මූණ පොලි­සිය පව­සයි.

අසාධ්‍ය වූ සේවක සේවි­කා­වන් එම ඇඟ­ලුම් කර්මාන්ත ආය­ත­නයේ බස් රථ­ව­ලින් හා ගිලන් රථ මඟින් බක­මූණ ප්‍රාදේ­ශීය රෝහ­ල­ටත් අත්ත­න­ක­ඩ­වල ග්‍රාමීය රෝහ­ල­ටත් ඇතු­ළත් කළ බව ද පොලි­සිය කියයි.

බක­මූණ ප්‍රාදේ­ශීය රෝහලේ ඉඩ­කඩ මඳ හෙයින් තවත් පිරි­සක් බස් රථ­ව­ලින් හා ගිලන් රථ මඟින් අත්ත­න­ක­ඩ­වල රෝහ­ලට රැගෙන යෑමට කට­යුතු කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග­ව­ලින් පැවසේ. අත්ත­න­ක­ඩ­වල සහ බක­මූණ රෝහ­ලට ඇතු­ළත් කර ඇඟ­ලුම් කර්මාන්ත සේවක, සේවි­කා­වන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බවත් ඔවුන් ප්‍රති­කාර ගනි­මින් සිටින බවත් බක­මූණ හා අත්ත­න­ක­ඩ­වල රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.  මෙම රෝගී තත්ත්වය පෙරේදා (18) සවස් වන විට කිහි­ප­දෙ­න­කුට හට­ගෙන ඇති අතර ඊ‍යේ (19) සේවය සඳහා ආය­ත­න­යට පැමි­ණී­මෙන් අන­තු­රුව රෝගී තත්ත්වය උත්සන්න වී ඔවුන් රෝහ­ල්ගත කර ඇති බව පොලි­සිය කියයි.

මෙම ඇඟ­ලුම් කර්මාන්ත ආය­ත­නයේ සේවය නියුතු සේවක සේවි­කා­වන් 800 දෙනකු පමණ පෙරේදා (18) රාත්‍රියේ පැවැති උප­න්දින සාද­ය­කට සහ­භාගි වී ඇති බවත් එහිදී ආහා­ර­යට තබා තිබූ කුකුළු මස් වෑංජ­නය විෂ වීමෙන් බඩේ අජී­ර්ණය සහ බඩේ කැක්කුම ඇති වී තිබෙන බවට තොර­තුරු ලැබී ඇති බව බක­මූණ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක උපුල් බොලු­ක­ඳුර මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් බක­මූණ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්‍ෂක උපුල් බොලු­ක­ඳුර මහතා ඇතුළු පොලිස් නිල­ධා­රීහු පරී­ක්ෂණ සිදු කරති.