ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලි­බෝල් ක්‍රීඩි­කා­වන්ට තවත් ජයක්

මධ්‍යම ආසි­යානු කාන්තා ක්‍රීඩා සමාජ වොලි­බෝල් තර­ගා­ව­ලියේ සිය දෙවැනි ජය­ග්‍ර­හණ වාර්තා කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ.

තර­ගා­ව­ලියේ මූලික වටය යටතේ ටජි­කි­ස්තා­නයේ ඩය­මන්ඩ් වොලි­බෝල් ක්‍රීඩා සමා­ජය සමඟ පැවති තර­ගයේ පළමු වටය 25-11ක් ලෙස පහ­සු­වෙන් ජය­ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කවෝ දෙවැනි වටය 25-12ක් සහ තෙවැනි වටය 25-18ක් ලෙස ජය තහ­වුරු කර ගත්හ.

මාල­දි­ව­යිනේ සත්කා­ර­ක­ත්ව­යෙන් මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන මේ තර­ගා­ව­ලියේ මුල් තරග දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩා­යම පරා­ජය වූ අතර, තර­ගා­ව­ලියේ 6 වැනි දිනය යටතේ අද (20) උස්බෙ­කි­ස්තා­නයේ හුමෝ ක්‍රීඩා සමා­ජ­යට එරෙ­හිව මූලික වටයේ අව­සන් තර­ග­යට එක්වෙයි.