මැති­ව­ර­ණ­යක් ඉල්ලා බංග්ලා­දේ­ශයේ විප­ක්ෂය වීදි බසී-රට පුරා විරෝ­ධතා පව­ත්වන බවට අන­තුරු අඟ­වයි

අන්ත­ර්වාර රජය බල­යට පත්වී මාස­ය­කට අධික කාල­යක් ගත­වූ­වද, මෙතෙක් මහ­මැ­ති­ව­රණ පිළි­බඳ කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට අස­ම­ත්වීම අභි­යෝ­ග­යට ලක් කර­මින් බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය ඩකා අග­නු­වර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වහාම ක්‍රියා­ත්මක වන පරිදි මහ­මැ­ති­ව­ර­ණ­යක් කැඳවා රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කිරී­මට පිය­වර ගන්නා ලෙස කලීඩා සියාගේ නාය­ක­ත්ව­යෙන් යුතු එම පක්ෂය අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක මහා­චාර්ය මොහො­මඩ් යූනුස්ට බල කර සිටි බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඩකා අග­නු­වර පිහිටි බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂ මූල­ස්ථා­නය ඉදි­රි­පිට රැස්වූ දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් එම විරෝ­ධ­තාවේ නිර­තව ඇති අතර, රටේ ආර්ථි­කය මෙතෙක් ස්ථාවර කිරී­මට අස­ම­ත්වීම පිළි­බඳ අන්ත­ර්වාර රජ­යට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.