ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරීමේ තීර­ණ­යක් ගෙන නෑ

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරී­මට කිසිදු තීර­ණ­යක් මෙතෙක් ගෙන නැතැයි විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මි­ණට’ ඊයේ (18) පැව­සීය.

විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර­යක ප්‍රශ්න කිහි­ප­යක් කලින් පිටව ඇති බව පව­ස­මින් ඒ සඳහා සාධා­ර­ණ­යක් ඉටු කර­දෙන ලෙස ඉල්ලා මවු­පි­යන් ඇතුළු පිරි­සක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පි­ටට පැමිණ ඊයේ (18) පෙර­ව­රුවේ උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූහ. ඉන් එක් කණ­ඩා­ය­මක් සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී තමන් මේ බව එම පිරිස හමුවේ දැනුම් දුන් බව ද කොම­සා­රි­ස්ව­රයා කීවේය.

ශිෂ්‍යත්ව විභා­ග­යට පෙර එහි ඇති ප්‍රශ්න තුනක් පම­ණක් පිටව ඇති බව කීවද ඊට වඩා ප්‍රශ්න පිටව ගුරු­වරු කිහිප දෙනකු විසින් සාකච්ඡා කර ඇති බවට තොර­තුරු ඇතැයි සාක­ච්ඡා­වට පැමිණි කණ්ඩා­යම පැවසූ බව ද හෙතෙම කීවේය.

සාක­ච්ඡා­වට පැමිණි පිරි­සගේ තොර­තුරු නිවැ­රදි බවට දින තුනක් තුළ ඔප්පු කර පෙන්වු­ව­හොත් ඒ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද ඒ මහතා පැව­සු­වේය.

තමන්ට දැනට අනා­ව­ර­ණය වී ඇත්තේ ප්‍රශ්න 16කින් යුත් පත්‍ර­යක් සාක­ච්ඡා­වට ලක්ව ඇති බවත් ඉන් ප්‍රශ්න තුනක සමා­න­තා­වක් පව­තින බවට පෙන්නුම් කර­න්නක් බවත් ඒ මහතා කීය.

ඊයේ (18) පෙර­ව­රුවේ විභාග දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණි මෙම මවු­ව­රුන් ඇතුළු පිරිස ඉකුත්දා (15) පැවැති ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කරන ලෙස ඉල්ල­මින් විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිරත වූහ. ඒ හැරුණු කොට දිව­යිනේ ප්‍රදේශ රැස­කදී මෙවර ශිෂ්‍ය­ත්ව­යට මුහුණ දුන් දරු­වන්ගේ මවු­පියෝ උද්ඝෝ­ෂ­ණ­වල නිරත වූහ.

ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න තුනක් පිටව ඇති බව හෙළි­වීම සහ එම ප්‍රශ්න අත­හැර විභා­ගයේ ප්‍රති­ඵල නිකුත් කරන බව විභාග දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කිරී­මට විරෝ­ධය පාමින් මෙම පිරිස විරෝ­ධය දක්වා ඇත.

විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පිට විරෝ­ධය දැක්වූ මවු­පි­යන් පිරි­ස­කට බල­ධා­රීන්ට ලිඛිත පෙත්ස­මක් භාර­දී­මට විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් අව­සර ලබාදී තිබිණි.

පැවැති විරෝ­ධ­තාව හේතු­වෙන් පොලි­සිය සහ කැරලි මර්දන ඒක­කයේ නිල­ධා­රීන් ද කැඳවා තිබිණි. පසුව විභාග කොම­සා­රි­ස්ව­රයා සමඟ මේ පිරි­සෙන් කොට­ස­කට සාක­ච්ඡා­වක් ලබා දී ඇති අතර එම සාක­ච්ඡා­වෙන් පසුව උද්ඝෝ­ෂ­ක­යන් විසිර ගොස් තිබේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභා­ගය පසු­ගිය ඉරිදා පැවැති අතර සිසුහු 323,879 දෙනකු විභා­ග­යට පෙනී සිටි­යහ.

කෙසේ­වෙ­තත් ශිෂ්‍යත්ව විභා­ගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න­ව­ලට සමාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රායෝ­ගික ප්‍රශ්න පත්‍ර­යක් අලව්ව ප්‍රදේ­ශයේ උප­කා­රක පන්ති ගුරු­ව­ර­යකු විසින් විභා­ග­යට පෙර ප්‍රචා­රය කර ඇත. අනු­රා­ධ­පු­රයේ ද විභාග ප්‍රශ්න පත්‍ර ගැට­ලු­වක් මතුව තිබිණි. ඒ සම්බ­න්ධ­යෙන් විවිධ පාර්ශ්ව විසින් කරන ලද පැමි­ණිලි අනුව විභාග දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළේය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මණ්ඩ­ලයේ එක­ඟ­තාව මත අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අව­සන් ලකුණු ලබා­දී­මට විභාග දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා (17) තීර­ණය කර තිබිණි.