බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පෙරේදා (17) මහවැසි සමඟ හමාගිය දැඩි සුළඟින් නිවාස පහළොවකට හානි සිදුවී ඇතැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිලකරත්න මහතා පවසයි.
ගස් සහ ගස්වල අතු නිවෙස් මතට කඩාවැටීමෙන් නිවාසවලට බරපතළ අලාභ හානි සිදුවී ඇති අතර ඇතැම් නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගසාගෙන ගොස් තිබිණි.
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උනාවටුණ, පුහුල්කොටුව හා යුදඟනාව යන ග්‍රාමසේවා වසම්වල පිහිටි නිවාසවලට මෙලෙස හානි සිදුව ඇත.
ගස් කඩාවැටීම නිසා නිවෙස්වල විදුලිය විසන්ධිවී තිබූ අතර අතුරු මාර්ගවල ගමනා ගමනයටද බාධා එල්ලවී තිබිණි.
ප්‍රදේශවාසීන් එක්ව කඩාවැටී තිබූ ගස් ඉවත්කිරීමට කටයුතුකරන ලදි.
මේ පිළිබඳව ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ,
“ බුත්තල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක නිවාස පහළොවකට පමණ තද වැස්ස සහ සුළඟ නිසා ගස් කඩාවැටීමෙන් හානි සිදුවී තිබෙනවා. නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නැහැ. ග්‍රාම නිලධාරීන් සහ කාර්මික නිලධාරීන් යොදවා නිවෙස්වලට සිදුවී තිබෙන අලාභහානි තක්සේරුකර වන්දි ලබාදීමට කටයුතු කරන බවයි.”