පාකි­ස්තා­නයේ දේශීය ණය මාස­යක් ඇතු­ළත රු.බිලි­යන 537කින් ඉහ­ළට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය පැකේ­ජය සම්බ­න්ධව මෙතෙක් සාර්ථක ප්‍රති­ඵල නොලැ­බීම හේතු­වෙන් ලබන වසරේ ආදා­යම් විය­දම් පර­ත­රය පියවා ගැනීම සඳහා පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 9.3ක දේශීය ණය ඇස්ත­මේ­න්තු­වක් සකස් කිරී­මට රජ­යට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත පාකි­ස්තා­නයේ දේශීය ණය මුදල ඉහළ යෑමෙන් එරට රජය දෙබිඩි ණය උගු­ලක පැටලී සිටින බව ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පාකි­ස්තා­නයේ ආර්ථික විශේ­ෂ­ඥ­ව­රුන්ට අනුව පසු­ගිය ජූලි මාසය වන විට එරට දේශීය ණය රුපි­යල් බිලි­යන 537කින් ඉහළ ගොස් ඇතැයි ද, රාජ්‍ය යාන්ත්‍ර­ණයේ විය­දම් සීඝ්‍ර වශ­යෙන් ඉහළ යෑම ඊට හේතු වී ඇතැ­යිද වාර්තා වේ. මේ තත්ත්වය මත දේශීය ණය ගැනීම් තව­දු­ර­ටත් ඉහළ ගොස් ඇති බවත්, පසු­ගිය ජූනි මාසයේ පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 68. 914ක් වූ රටේ මුළු දේශීය ණය ප්‍රමා­ණය ජූලි මාසය වන විට ට්‍රිලි­යන 69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මාස­යක් ඇතු­ළත රුපි­යල් බිලි­යන 690කින් බව ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.