ඊශ්‍රා­ය­ලයේ හෝටල් රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නී­මට ගිවි­සුම් අත්සන් කළා-හිටපු ඇමැති, ජනා­ධි­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර

ඊශ්‍රා­ය­ලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම සඳහා වන ගිවි­සුම් අත්සන් කර ඇති බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති, ජන­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර මහතා පැවැ­සීය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කාන්තා සහ පිරිමි දෙපා­ර්ශ්ව­ය­ටම ඊශ්‍රා­ය­ලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විවෘ­තයි. ඒ සඳහා NVQ3 මට්ටමේ සහ­ති­ක­යක් අව­ශ්‍යයි. මේ රැකියා සඳහා බඳ­වා­ගැ­නීම් පිළි­බඳ වැඩි­දුර තොර­තුරු ඉදිරි දින කිහි­පයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩ­විය හරහා ප්‍රසිද්ධ කර­නවා.

මේ අතර ඊශ්‍රා­ය­ලයේ කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නී­මට අදාළ ගිවි­සුම් අත්සන් කිරී­මට අවශ්‍ය මූලික පිය­වර ගෙන තිබෙ­නවා. ඒ අනුව ඉදි­රි­යේදී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමි­ක­යන් බඳවා ගැනීම සඳහා වන ගිවි­සුම් අත්සන් කිරී­මට නිය­මි­තය.

ඊශ්‍රා­ය­ලයේ කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම යළි ආර­ම්භවී තිබෙ­නවා. පසු­ගිය සති­යේදී කණ්ඩා­යම් දෙකක් ඊශ්‍රා­ය­ලය බලා පිටත් කර යැව්වා. මේ වන විට කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමි­ක­යන් දෙද­හ­සක් පිටත් කර යැවී­මට කට­යුතු කර තිබෙ­නවා. ඊශ්‍රා­ය­ලයේ රැකියා අවස්ථා ගැනී­මට කිසිදු අත­ර­මැ­දි­ය­කුට මුදල් ගෙවී­මට අවශ්‍ය නෑ. එසේ මුදල් එක්රැස් කරන ජාවා­ර­ම්ක­රු­වන්ට එරෙ­හිව නීතිය තදින් ක්‍රියා­ත්මක කර­නවා.”