ශ්‍රීලං­කන් ගුවන් මගීන්ට ආහා­ර­පාන කල්තබා ඇණ­වුම් කිරීමේ සුවි­ශේෂී අව­ස්ථා­වක්

ශ්‍රීලං­කන් ගුවන් සේවය තම ගුවන් යානා­වල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනු­වෙන් Serendib Delights නමින් ආහා­ර­පාන කල්තබා ඇණ­වුම් කිරී­මට අව­ස්ථාව සලසා දෙන සුවි­ශේෂී සේවා­වක් ආරම්භ කර තිබේ.

මෙම­ඟින් මගීන්ට තම ගුවන් ගම­නට පෙර ඉතා­මත් සැල­කි­ල්ලෙන් යුතුව පිළි­යෙල කරන ලද ආහා­ර­පාන එක­තු­වක් අත­රින් තමන් කැමති ආහා­ර­පාන ඇණ­වුම් කිරී­මට හැකි­යාව ලැබෙන අතර මෙයින් මගීන්ට තම ගුවන් ගමන වඩාත් ප්‍රසන්න අත්දැ­කී­මක් බවට පත්වනු නොඅ­නු­මා­නයි.

Serendib Delights සේවාව යටතේ මගීන්ට සැමන් ස්ටේක්, චිකන් ලම්ප්ර­යිස්, ෆිලට් ස්ටේක්, ෆිෂ් ෆ්‍රිටර්ස්, බීෆ් බර්ගර්, සීල්ෆුඩ් පායි මෙන්ම අරාබි, ඉන්දි­යානු සහ බට­හිර ආහා­ර­පාන සම්ප්‍ර­දා­යන්ට අයත් තවත් ආහා­ර­පාන වර්ග රාශි­යක් කල්තබා ඇණ­වුම් කළ හැකිය.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ ශ්‍රීලං­කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කරු (වාණිජ සේවා හා සහය) ගයාන් වික්‍රම මහතා මෙලෙස පැව­සීය.

“අපගේ මගීන් සිය­ලුම දෙනාට තම ගුවන් ගම­න්ව­ලදී සුවි­ශේෂී අත්දැ­කී­මක් තිළිණ කිරී­මට අප සෑම­වි­ටම උත්සාහ කර­නවා. Serendib Delights යනු මගීන්ට ශ්‍රීලං­කන් ගුවන් සේවයේ විශේ­ෂඥ සූප­වේ­දීන් විසින් පිළි­යෙල කරන ප්‍රණීත ආහා­ර­පාන සහ­න­දායී මිල ගණන් යටතේ ගැනී­මට අව­ස්ථාව සලසා දෙන සුවි­ශේෂී සේවා­වක්.”

මේ සේවාව හරහා ආහා­ර­පාන ඇණ­වුම් කිරී­මේදී ගුවන් යානය පිට­ත්වී­මට නිය­මිත වෙලා­වට අවම වශ­යෙන් පැය 48කට පෙර අදාළ ඇණ­වුම් දිය යුතුය. ශ්‍රීලං­කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩ­විය හරහා මෙන්ම ශ්‍රී ලංකා­වේදී නම් 1979 දුර­ක­තන අංකය ඔස්සේ ද, ශ්‍රී ලංකා­වෙන් පිට­තදී නම් +94 777 77 1979 දුර­ක­තන අංකය ඔස්සේ ද පැය 24 පුරා ක්‍රියා­ත්මක සහාය සේවාව ඇම­තී­මෙන් හෝ තම සංචා­රක සේවා නියෝ­ජි­තයා හරහා ආහා­ර­පාන ඇණ­වුම් කළ හැකිය. Serendib Delights සේවාවේ මෙනු පත් පරික්ෂා කිරී­මට https://www.srilankan.com/en_uk/flying-with-us/premium-meals වෙත ද පිවි­සිය හැකිය.