මහ වැසි සමඟ හමා­ගිය සුළ­ඟින් බුත්තල නිවාස පහ­ළො­ව­කට හානි

බුත්තල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට පෙරේදා (17) මහ­වැසි සමඟ හමා­ගිය දැඩි සුළ­ඟින් නිවාස පහ­ළො­ව­කට හානි සිදුවී ඇතැයි බුත්තල ප්‍රාදේ­ශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිල­ක­රත්න මහතා පව­සයි.

ගස් සහ ගස්වල අතු නිවෙස් මතට කඩා­වැ­ටී­මෙන් නිවා­ස­ව­ලට බර­ප­තළ අලාභ හානි සිදුවී ඇති අතර ඇතැම් නිවා­ස­වල සෙවිලි තහඩු සුළ­ඟට ගසා­ගෙන ගොස් තිබිණි.

බුත්තල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ උනා­ව­ටුණ, පුහු­ල්කො­ටුව හා යුද­ඟ­නාව යන ග්‍රාම­සේවා වස­ම්වල පිහිටි නිවා­ස­ව­ලට මෙලෙස හානි සිදුව ඇත.

ගස් කඩා­වැ­ටීම නිසා නිවෙ­ස්වල විදු­ලිය විස­න්ධිවී තිබූ අතර අතුරු මාර්ග­වල ගමනා ගම­න­ය­ටද බාධා එල්ලවී තිබිණි.

ප්‍රදේ­ශ­වා­සීන් එක්ව කඩා­වැටී තිබූ ගස් ඉව­ත්කි­රී­මට කට­යු­තු­ක­රන ලදි.

මේ පිළි­බ­ඳව ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ මොන­රා­ගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහ­තා­ගෙන් කළ විම­සු­ම­කදී පැවැ­සුවේ,

“ බුත්තල ප්‍රදේ­ශයේ ග්‍රාම­සේවා වසම් තුනක නිවාස පහ­ළො­ව­කට පමණ තද වැස්ස සහ සුළඟ නිසා ගස් කඩා­වැ­ටී­මෙන් හානි සිදුවී තිබෙ­නවා. නිවැ­සි­යන්ට කිසිදු හානි­යක් සිදුවී නැහැ. ග්‍රාම නිල­ධා­රීන් සහ කාර්මික නිල­ධා­රීන් යොදවා නිවෙ­ස්ව­ලට සිදුවී තිබෙන අලා­භ­හානි තක්සේ­රු­කර වන්දි ලබා­දී­මට කට­යුතු කරන බවයි.”