බංග්ලා­දේ­ශයෙන් ඉන්දි­යා­වට කොන්දේසි

හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසීනා ඉන්දි­යාවේ රැඳී සිටින තුරු දේශ­පා­ලන ප්‍රකාශ නිකුත් කිරී­මෙන් වළ­ක්වන ලෙස බංග්ලා­දේශ අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක මහා­චාර්ය මොහො­මඩ් යූනුස් ඉන්දි­යා­වෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ශෙයික් හසීනා මේ වන විට මාස­ය­කට වැඩි කාල­යක් පුරා ඉන්දි­යාවේ රැඳී සිටින අතර, යළි බංග්ලා­දේ­ශ­යට භාර දෙන ලෙස ඉල්ලා සිටින තුරු ඇය රඳවා ගැනීම ඉන්දි­යාවේ බලා­පො­රොත්තු නම් කොන්දේ­සිය වන්නේ ඇය නිශ්ශ­බ්දව තබා ගැනීම බව ද මහා­චා­ර්ය­ව­රයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බලයේ සිටි වසර 15ක කාලයේ ඉන්දි­යාව සමඟ සමී­පව කට­යුතු කළ ශෙයික් හසීනා බංග්ලා­දේ­ශයේ ක්‍රියා­ත්මක වන ඉන්දීය විරෝධී කැර­ලි­කාර කණ්ඩා­යම් මර්ද­නය කිරීම හා දේශ­සීමා ආර­වුල් සම­ථ­ය­කට පත් කිරීම හේතු­වෙන් ඇය බලයේ සිටීම ඉන්දි­යාවේ ආර­ක්ෂා­වට ද හිත­කර වී තිබිණි.  කෙසේ වෙතත් ඇය තවත් කොප­මණ කාල­යක් ඉන්දි­යාවේ රැඳී සිටි­න්නේ­දැයි යන්න මෙතෙක් තීර­ණය වී නැති බව ද වාර්තා වේ.