ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියාවලට ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති, ජනපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා විවෘතයි. ඒ සඳහා NVQ3 මට්ටමේ සහතිකයක් අවශ්‍යයි. මේ රැකියා සඳහා බඳවාගැනීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනවා.
මේ අතර ඊශ්‍රායලයේ කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීම යළි ආරම්භවී තිබෙනවා. පසුගිය සතියේදී කණ්ඩායම් දෙකක් ඊශ්‍රායලය බලා පිටත් කර යැව්වා. මේ වන විට කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයන් දෙදහසක් පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ගැනීමට කිසිදු අතරමැදියකුට මුදල් ගෙවීමට අවශ්‍ය නෑ. එසේ මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.”