ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දරු­වන්ගේ අනා­ග­තය තීර­ණය කර­න්නක්-අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන

ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දැයේ දරු­වන්ගේ අනා­ග­තය විශ්වා­ස­නීය බව තහ­වුරු කරන මැති­ව­ර­ණ­යක් බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

මහ­ජන එක්සත් පෙර­මුණ මහ­ර­ගම කලාප සමු­ළුව අම­ත­මින් අග­මැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ජනා­ධි­පති ගන්න තීරණ පාර්ලි­මේ­න්තුව සම්මත කර දිය යුතු බවත් එහෙම නොවු­ණ­හොත් දවස් තිහ­කට පස්සේ ඒ තීරණ ඇන­හි­ටින බවත් අග­මැ­ති­ව­රයා කීවේය.

අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය. “ලබා­ගත් වාර්තා­ව­ලට අනුව 100% කැන්ව­සින් අව­සන්. එය අපට දුන්න පළමු වග­කීම. ඒ වග­කීම අපි ඉටු­කළා.  ඒ වෙනු­වෙන් දේශ­පා­ල­ක­යන් වශ­යෙන් අපි ග්‍රාමී­ය­වත් ජාතික වශ­යෙ­නුත් කැප වුණා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා රට භාර­ගන්න විට තිබුණු තත්ත්වය දීර්ඝව කියන්න ඕන නැහැ. ස්වාධීන ආචාර්ය දේශක මහ­ත්වරු ස්වාධී­නව දක්වපු අද­හස් ඔබ අප කවු­රුත් දන්නවා. මත­කය පම­ණක් අපි පස්සට ගෙනි­ය­නවා. එදා තත්ත්වය අපේ මත­කයේ පව­ති­නවා. අපි ආණ්ඩු­වක් බිහි කළා. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති කරලා මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැති කළා. ඇමැති මණ්ඩ­ලයේ මමත් හිටියා. මාස කිහි­ප­යක් යන­කොට ආණ්ඩුව පව­ත්වා­ගෙන යන්න බැරි තත්ත්ව­යක් ආවා. රටේ දරු­ණු­තම මූල්‍ය ගැට­ලු­වක් ඇති වුණා. ඒ අර්බු­දය තුළින් මතු­වෙ­මින් තිබුණු මුදල් අර්බු­දය මහ­ජන ජීවිත දක්වා ගමන් කළා. ඔබ  කලින් භුක්ති විඳපු දේ යළිත් එදි­නෙදා ඇති­වන පීඩ­න­කාරී තත්ත්වය තුළ භුක්ති විඳින්න බැහැ. බඩු මිල ඉහළ ගියා. පොහොර නැහැ. බෙහෙත් නැහැ. වවු­නි­යාවේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය කතා කර­න­කොට භූමි­තෙල් බින්දු­වක් අපේ පළාතේ නෑ කිව්වා. අඩුම තරමේ භූමි­තෙල් ටික  එවන්න කියලා ඉල්ලුවා.

අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය ඇන­හි­ටි­න­විට ජනා­ධි­ප­ති­ව­රයා අස්වෙලා ගියා. අග­මැ­ති­ව­ර­යාට අයින් වෙන්න වුණා. අග­මැති අයින් වුණාම මුළු කැබි­නට් මණ්ඩ­ල­යම අහෝසි වුණා සේ සල­ක­නවා. මේ පැත්තෙන් දේශ­පා­ලන අර්බු­දය එසේ වැඩෙ­න­කොට අනෙක් පැත්තෙන් ගිනි­දැල් මතු වෙනවා දැක්කා. ජනා­ධි­පති මන්දි­රය,  ජනා­ධි­පති කාර්යා­ලය,  අග­මැති කාර්යා­ලය කුඩු­ප­ට්ටම් කළා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ගේ ගිනි තිබ්බා. විරෝ­ධය එක පැත්තක්. අනෙක් පැත්ත විනා­ශ­යක්. විනා­ශය අවුල් ජාලා­වක් දක්වා පැති­රෙ­නවා නම් ඒ තුළ භයා­නක බල­වේග පැති­රෙන්න පටන් ගත්තා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට දරුණු තත්ත්ව­යක් අත්වුණා.

මහ­ජන ජීවිත,  රාජ්‍ය පාල­නය අපේ සුර­ක්ෂි­ත­භා­වය විත­රක් නෙවෙයි,  භයා­නක තත්ත්ව­යක් අපේ රට ඇතුළේ වර්ධ­නය වුණොත් මොකද කරන්නේ කියලා අස­ල්වැසි රට­වල් බලන් හිටියා. ඒ දවස් කිහි­පය අපි හිටියේ කොහො­මද? රාජ්‍ය නාය­ක­යෙක් නැති රාජ්‍ය­යක් තිබුණා. ඒ වෙලාව අවුල් විය­වුල් සහිත තත්ත්ව­යක්. ඒ වෙලාවේ පාර්ලි­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ­තම නාය­කයා විදි­හට හිටියේ රනිල් වික්‍ර­ම­සිංහ. එතු­මාව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කරන්න පාර්ලි­මේ­න්තුව ගත් තීර­ණය මන්ත්‍රී­වරු බහු­ත­ර­ය­කින් අනු­මත වුණා.

ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා පාරේ බෝම්බ­ය­කින් මිය­ගිය දව­සත් මෙහෙ­මයි. රට අරා­ජි­කයි.  නාය­ක­යෙක් නැති රාජ්‍ය­යක් බවට පත්වෙලා අවුල් ඇති­විය හැකි තත්ත්ව­යක් තිබුණේ. ඒ වෙලාවේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විපක්ෂ නාය­ක­ව­රිය විදි­හට කතා­ක­රලා ඩී.බී. විජේ­තුංග මහ­තාට කිව්වා ඔබ­තුමා වැඩ බලන ජනා­ධි­පති විදි­හට විත­රක් නෙවෙයි ස්ථීරම ජනා­ධි­පති විදි­යට ඉදිරි මාස කිහි­පයේ වැඩ කරන්න කියලා.

විප­ක්ෂය විදි­යට අපි ඔබට තර­ග­යක් ඇති කිරී­මට බලා­පො­රොත්තු වෙන්නේ නැහැ. ඔබ­තුමා වෙලා­වට ඡන්දය තියන්න කිව්වා. ඒ සාක­ච්ඡාවේ දී සිද්ධ වුණේ එච්ච­රයි. ඕනෑම රටක ජාතික අර්බු­ද­යක් ඇති­වෙලා භයා­නක ව්‍යස­න­යක් රටේ සිදු වෙන­කොට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන නාය­ක­යන්ගේ එක­ඟ­තා­ව­යෙන් රට පව­ත්වා­ගෙන යනවා. නමුත් මෙවර අපේ රටේ එහෙම දෙයක් වුණේ නැහැ. ප්‍රේම­දාස මහ­ත්තයා ජනා­ධි­පති ධුර­යට තරග කර­නවා කිව්වා. අනුර කුමාර දිසා­නා­ය­කත් තරග කර­නවා කිව්වා. රට තුළ හරි­යා­කාර පාල­න­යක් ඇති කරන්න ඒ දවස් කිහි­පය වැඩ බලන අග්‍ර­මා­ත්‍ය­ව­රයා හා ජනා­ධි­ප­ති­ව­රයා විදි­හට රට යළි ස්ථාපිත කර­මින් තිබුණු වෙලා­වක වග­කී­මක් නැති විපක්ෂ නාය­ක­යන් දෙදෙනා හැසි­රුණේ එහෙ­මයි. සම්ප්‍ර­දා­යක් නොතේ­රෙ­න­කම වෙන්න පුළු­වන්. සම්ප්‍ර­දා­යට පයින් ගැසීම වෙන්නත් පුළු­වන්. රට ඊට වඩා ලොකුයි කියන ඕනෑ­කම මතයි එව­කට ප්‍රේම­දාස මැති­තුමා මරා දැමුණ වෙලාවේ බණ්ඩා­ර­නා­යක මැති­තු­මිය වැඩ කළේ.

එවැනි සම්ප්‍ර­දා­යන් කිසි­ව­කට ගරු නොක­රන දේශ­පා­ල­ක­යන් අපේ රට කොයි දිසා­ව­කට ගෙනි­යයි ද කියන බර­ප­තළ කාර­ණය ඔබේ බල­ප්‍ර­දේ­ශ­වල සිටින සියලු දෙනාට යළි යළි සිහි­පත් කිරීම වටි­නවා. අනුර කුමාර දිසා­නා­ය­කට ඡන්ද නැති බව දන්නවා.

මේ දේශ­පා­ලන යන්ත්‍ර­ණයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ස්වභා­ව­යට එල්ල කළ හැකි හැම ප්‍රහා­ර­යක්ම එල්ල කිරීමේ කන­ගා­ටු­දා­යක දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කිරීම තමයි මට පෙනෙන්නේ. ඉන් ඔබ්බට රටේ අනා­ග­තය දෙස බලන්නේ නැහැ. අනා­ගත පර­ම්ප­රා­වක් රටේ ජීවත් වෙනවා. ඒ අයට දිය යුතු සුර­ක්ෂි­ත­භා­වය ගැන බලන්නේ නැහැ. ප්‍රේම­දාස මහ­ත්තයා මහ රෑ තර­ග­යෙන් ඉල්ලා අස්වෙලා ඩලස්ට තරග කරන්න කිව්වා. ඩලස්ට ඡන්දය දුන්නෙත් ප්‍රේම­දාස මහ­ත්ත­යාගේ කට්ටිය. ඒ වගේ රටේ ගැඹු­රු­තම අව­ස්ථා­වක  හැසි­රීම නර­කම ආද­ර්ශ­යක්.

රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාගේ ගේ ගිනි ගන්නවා. ජනා­ධි­ප­ති­තුමා වැඩ කට­යුතු   කළේ අග­මැති කාර්යා­ලයේ. ලෝක නාය­ක­යන්ගේ සහ­යෝ­ගය ඉල්ලා කතා කළේ අග­මැති කාර්යා­ලයේ ඉඳලා. අග­මැති කාර්යා­ලයේ උඩ තට්ටුවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළේ.  මම අග­මැ­ති­ව­රයා ලෙස දිවු­රුම් දුන්න වෙලේ මගෙන් ඇහුවා කොහො­මද දිනේෂ් ඔයා වැඩ කරන්නේ කියලා. මෙහෙම කර­ගෙන යන්න බැහැ හවස් වෙන­කොට අපි පාලන තන්ත්‍රය ශක්ති­මත් කළ යුතුයි කියලා කිව්වා. රට වැටුණු තැන ගැන මම ඔබට මතක් කරන්නේ ඒ අර්බු­ද­යෙන් පහු­වදා ඉඳලා රටේ පාලන තත්ත්වය සම්පූ­ර්ණ­යෙන් යථා තත්ත්ව­යට ගේන්න පුළු­වන් වුණා.

ජනා­ධි­පති කාර්යා­ලය පැය විසි හත­රක් ඇතු­ළත යළි රාජ්‍ය පාල­නය පිහි­ට­වපු තැනක් කළා. තානා­ප­ති­වරු ගෝල්ෆේස් පාරේ එහෙට මෙහෙට යනවා. පහු­වදා උදේ ජනා­ධි­පති කාර්යා­ලයේ වැඩ කරන බව තානා­ප­ති­වරු හොඳා­කා­ර­යෙන් තේරුම් ගත්තා.  විදේශ විනි­මය නෑ. තෙල් ගේන්න බැහැ.  අපේ බැංකු ක්ෂේත්‍ර මොන­ත­රම් ණය­වර ලිපි ඇරි­යත් වෙනත් රට­වල බැංකු  පිළි­ගන්නේ නැහැ.

මේ ඔබේ අපේ දරු­වන්ගේ අනා­ග­තය විශ්වා­ස­නීය බව තහ­වුරු කරන මැති­ව­ර­ණය. පන­තක් සම්මත කරන්න බැරි තැන­කයි අනුර කුමාර ඉන්නේ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව කිසිම පන­තක්, රෙගු­ලා­සි­යක් සම්මත කර­ගන්න බැරි කතා­වක් අනුර කුමාර දිසා­නා­යක කියන්නේ. ජනා­ධි­පති ගන්න තීරණ පාර්ලි­මේ­න්තුව සම්මත කර දිය යුතුයි. එහෙම නැති වුණොත් දවස් තිහ­කට පස්සේ ඒ තීරණ ඇන­හි­ටි­නවා. අනුර කුමාර කැමැති ඇති අර්බු­ද­ය­කට. අපි කැමැති නැහැ බල­යක් නැති කෙනෙක්ගේ අතට රට භාර දෙන්න.

සජිත් ප්‍රේම­දා­ස­ටත් පන­තක් සම්මත කර­ගන්න තරම් බහු­ත­ර­යක් පාර්ලි­මේ­න්තුවේ නැහැ. තව­මත් ජනා­ධි­පති ධුර­යට අති­රේ­කව පන­වන අණ­ප­නත් පාර්ලි­මේ­න්තුව ලවා සම්මත කර­ගන්න පුළු­වන්.  අර්බු­ද­යෙන් අර්බු­ද­යට රට ගෙනි­යන්නේ නැතුව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ ක්‍රියා­දා­ම­යන් අනු­ග­ම­නය කර­මින් කට­යුතු කරන්න අව­ශ්‍යයි. පසුව පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු පත් කර­ගන්න පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යක් පව­ත්වන බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර තිබෙ­නවා.”

පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණී ගුණ­ව­ර්ධන, මහ­ජන එක්සත් පෙර­මුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජය­ව­ර්ධන,  හිටපු බස්නා­හිර පළාත් සභා මන්ත්‍රී සලෝ­චන ගමගේ,  ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ආචාර්ය හිලරි ප්‍රනාන්දු,  ප්‍රවීණ දේශක හේම­ප්‍රිය කවි­රත්න,  දේශ­වි­මුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලං­සූ­රිය මහ­ත්වරු ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්වූහ.