ආර්ථික අර්බු­ද­යෙන් පාකි­ස්තා­නයේ මිලි­යන 13.53ක් රට හැර ගිහින්

පාකි­ස්තා­නයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බු­දය හේතු­වෙන් එරට විවිධ වෘත්ති­ක­වේ­දීන් ඇතු­ළුව මිලි­යන 13.53කට වැඩි පුද්ග­ල­යන් පිරි­සක් රට හැර ගොස් ඇතැයි පාකි­ස්තාන ආර්ථික සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ අප්‍රේල් මාසය වන­විට එක්රැස් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ ලේ­ඛන ඇසු­රින් එම වාර්තාව සක­ස්කර ඇති අතර, එම පිරිස විදෙස් රට­වල් 50කට වැඩි සංඛ්‍යාව මේ වන­විට විවිධ රැකි­යා­වල නිර­තව සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඒ අනුව බුද්ධි­ග­ල­නය අතින් ඉහ­ළම විග­මන අනු­පා­ත­යක් පෙන්නුම් කරන දකුණු ආසි­යාවේ දෙවැනි විශා­ල­තම රට බවට පාකි­ස්තා­නය පත්වී ඇතැයි ද, උගත් සහ දක්ෂ පුද්ග­ල­යන් විදේ­ශ­ග­ත­වීම පාකි­ස්තා­න­යට ඉදි­රි­යේදී එරට විවිධ ක්ෂේත්‍ර­යන් හී සංව­ර්ධන කට­යු­තු­ව­ලදී දැඩි බල­පෑ­මක් එල්ල වන කරු­ණක් වනු ඇතැයි ද වාර්තා වේ.

එම සමී­ක්ෂණ වාර්තා­වට අනුව වසර 2022දී පම­ණක් උපා­ධි­ධා­රින් 92,000ක් සහ  පුහුණු ශ්‍රමි­ක­යන් 3,50,000ක් රට හැර ගොස් ඇති අතර, වෛද්‍ය­ව­රුන් 2,500ක්, ගණ­කා­ධි­කා­රී­ව­රුන් 6,500ක් සහ ඉංජි­නේ­රු­වන් 5,534 ඊට ඇතු­ළත් බව ද වාර්තා වේ.