ජනාධිපතිවරණයට අදාළව නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වැනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්වයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවරා තිබේ.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ අවසන් රැලි ඊයේ පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණු අතර ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්විය.