මම ඡන්දෙට එන්නේ මූලික යුතු­කම් ඉටු­කර රටේ බංකො­ලොත් බව නිල වශ­යෙන් නැති කළ තත්ත්ව­යක් යට­තෙයි-ජනපති හෝමා­ගම අව­සන් රැලි­යේදී කියයි

වැටුණු රට ගොඩ­ගැ­නීම වෙනු­වෙන් තමන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ආරම්භ කළ වැඩ­ස­ට­හන නිවැ­රදි බව අනුර කුමාර ප්‍රසි­ද්ධියේ පිළි­ගෙන ඇති බවත්,  සජිත් ප්‍රේම­දා­සට ඒ පිළි­බඳ කිසිඳු අව­බෝ­ධ­යක් නොමැති බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  මහතා පැවැ­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ ඊයේ  (18) පස්ව­රුවේ හෝමා­ගම පැවැති “රනිල්ට පුළු­වන්” විජ­ය­ග්‍රාහී ජන රැලිය අම­ත­මිනි.

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ  දී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විජ­ය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම වෙනු­වෙන් සංවි­ධා­නය කර තිබු මෙම ජන රැලි­යට අති­වි­ශාල ජන­තා­වක් එක්ව සිටි­යහ.

මෙහි දී ජන­තාව  ඇමතූ ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර සිටියේ ජන­තාව වෙනු­වෙන් 2022 වසරේ දී තමා භාර­ගත් වග­කීම නිසි ලෙසම ඉටු කර­මින් පසු­ගිය වසර දෙක තුළ රටේ ආර්ථි­කය නිවැ­රදි මාව­තට ගෙන ඒමට කට­යුතු කළ බවයි.

සැප්තැ­ම්බර් 21 වනදා ලැබෙන ජන­ව­රම සමඟ රට දියු­ණුව කරා ගෙන යමින් තරුණ පර­පුර වෙනු­වෙන් වූ වග­කීම ද නිසි අයු­රින්ම ඉටු කරන බව ජනා­ධි­ප­ති­ව­රයා  අව­ධා­ර­ණය කළේය.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ සිදු­වන වැඩ­ස­ට­හන නිවැ­රදි බව මේ වන විටත් අනුර කුමාර පිළි­ගෙන අව­සන් බැවින් එම වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යාමට තමන් සමඟ එක්වන ලෙස ඔහුට ආරා­ධනා කරන බව ද  ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

සජිත් ප්‍රේම­දා­සට IMF වැඩ­ස­ට­හන පිළි­බඳ කිසිදු අව­බෝ­ධ­යක් නොමැති බැවින් එවැනි නාය­ක­යන්ට රට භාර දීමේ වරද මේ රටේ ජන­තාව සිදු නොකළ යුතු බව ද පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති රටක් ලෙස ඉදි­රි­යට යාමට සැප්තැ­ම්බර් 21 වනදා ගෑස් සිලි­න්ඩ­ර­යට ඡන්දය ලබා දී තම යුතු­කම ඉටු­ක­රන ලෙසද ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා –

“මේ රට දැවැන්ත අර්බු­ද­ය­කට මුහුණ දුන් අව­ස්ථාවේ සජිත් ප්‍රේම­දා­සත් අනුර කුමා­රත් රටේ වග­කීම භාර නොගත් බව අපේ බොහෝ කථි­ක­යින් සාක්ෂි ඇතුව විස්තර කළා. ඒ ඉති­හා­ස­ගත වග­කීම භාර ගැනී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා එකඟ වීමත් සමඟ ඒ දැවැන්ත අභි­යෝ­ගය ජය­ගැ­නීම පිළි­බඳ බලා­පො­රො­ත්තු­වක් ඇති වුණා. ඒ අව­ස්ථාවේ දී විප­ක්ෂ­යෙන් එල්ල වූ විවිධ බාධා­වන් එතුමා තවත් පිය­ව­රක් ඉදි­රි­යට තැබී­මට ශක්ති­යක් කර ගත්තා.

හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක්,  අග්‍රා­මා­ත්‍ය­ව­ර­යෙක් ලෙස මෙන්ම ජාත්‍ය­න්තර සම්බ­න්ධතා සහ අත්දැ­කීම් බහුල පරි­ණත දේශ­පා­ල­න­ඥ­යකු වූ  රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා තරම් වෙනත් සුදුසු පුද්ග­ල­යකු ඒ අව­ස්ථාවේ පාර්ලි­මේ­න්තුවේ සිටියේ නෑ. ඒ බව මේ වසර දෙක තුළ එතුමා තහ­වුරු කර තිබෙ­නවා.

රටේ ආණ්ඩු­වක් පවත්වා ගෙන යාමට නම් මෙවන් ශක්ති­මත් නාය­ක­ත්ව­යක් අව­ශ්‍යයි. රාජ්‍ය පාල­නය මෙහෙයවිය හැකි නාය­ක­ත්ව­යක් අව­ශ්‍යයි. ඒ වගේම ආර්ථික හා දේශා­පා­ලන ස්ථාව­ර­ත්වය ඇති කිරීම හා නව අද­හස් හරහා ජාත්‍ය­න්තර විශ්වා­සය තහ­වුරු කර ගැනී­මට හැකි පෞරු­ෂ­යක්ද තිබිය යුතුයි. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටින්නේ මේ සිය­ල්ලෙන් පරි­පූර්ණ එකම නාය­කයා ලෙස වගේම වැටුණු රට ගොඩ ගත් නාය­කයා ලෙසයි. එතු­මාගේ අහ­ල­කි­න්වත් තැබිය හැකි අයෙක් අනෙක් අපේ­ක්ෂ­ක­යන් අතර නැහැ. ඒ නිසා සැප්තැ­ම්බර් 21 වන­දාට උදෙන්ම ඡන්ද පොළට ගොස් ගෑස් සිලි­න්ඩ­රය ඉදි­රි­යෙන් කති­රය ගසා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා වගේම මාතෘ භූමි­යත් ජය­ග්‍ර­හ­ණය කර­වන ලෙස ඔබෙන් ඉල්ලා සිටි­නවා.”

ජන­පති ජය තහ­වුරු කරන හෝමා­ගම අව­සන් මහා රැලියේ දී ජනා­ධි­පති  රනිල් වික්‍ර­ම­සිංහ මහතා සභාව ඇම­තී­මට පෙර කතා කළ එම රැලිය සංවි­ධා­නය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා  –

“2048 වන විට ඒකපුද්ගල ආදා­යම අමෙ­රි­කානු ඩොලර් 20,000කට වැඩි දියුණු පොහො­සත් රටක් බවට මෙරට පත්කි­රී­මට අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ  හා ප්‍රති­පත්ති  2024 අංක 45 දරන ආර්ථික පනත මගින් නීති­යක් බවට පත්ක­ර­ගත් එකම ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා රනිල් වික්‍ර­ම­සිංහ  පම­ණයි. මෙම නීතිය අනුව රට ආණ්ඩු­ක­ර­ණයේ දී මූලික ඉලක්ක කිහි­ප­යක් පසු­ක­ර­ගත යුතු බව ආර්ථික පරි­ව­ර්තන පනතේ දැක්වෙ­නවා.  ඒ අනුව 2032 වන විට රටේ ණය බර දළ දේශීය නිෂ්පා­ද­නය සිය­යට 95 අඩු­කි­රීම,  රජයේ වාර්ෂික දළ මුදල් අව­ශ්‍ය­තාව දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 13 නොඉ­ක්ම­වීම,   ණය සේවා කරන අනු­පා­තය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 4.5 නොඉ­ක්ම­වීම,  රාජ්‍ය ආදා­යම සිය­යට 15 හෝ ඊට වඩා වැඩි මට්ට­මක පව­ත්වා­ගෙන යාම,  ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්තය දළ දේශීය  නිෂ්පා­දි­ත­යෙන්  සිය­යට 2.3 ක් වීම,   ආර්ථික වර්ධන වේගය සිය­යට 5ට වඩා වැඩි මට්ට­ම­කින් පව­ත්වා­ගෙන යාම,  යනාදී වශ­යෙන් රට ගමන් කරන මාර්ග සිති­යම නිෂ්පා­දිත වශ­යෙන්ම දක්වා ඇත්තේ රනිල් වික්‍ර­ම­සිං­හ­යන් පම­ණයි.

සජිත්ට, අනු­රට, දිලිත්ට හෝ නාමල්ට මෙවන් වැඩ­පි­ළි­වෙ­ළක් සිතා ගැනී­ම­ටත් බැහැ. ඒ නිසාම ඔවුන් කිසි­ව­කුත් ආර්ථික පරි­ව­ර්තන පනත පිළි­බඳ කතා කරන්නේ නැහැ. මහ පොළොවේ ඇත්ත මේකයි.

මෑත දේශ­පා­ලන ඉති­හා­සය තුළ ප්‍රධාන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යින් සියලු දෙනාම හෝමා­ගම රැස්වීම් පැවැ­ත්වු­වත්,  ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පැවැති රැලි­යට වැඩිම ජන­තා­වක් සහ­භාගි වී තිබීම සතු­ටට කරු­ණක් බව කිව යුතුයි.

මෙවර පැවැ­ත්වෙන්නේ අපේ ජීවිත කාලයේ ජනා­ධි­ප­ති­ව­රුන් පත්කර ගැනීම සඳහා පැවැති මැති­ව­ර­ණ­ව­ලින් ඉතා­මත් තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක් බව කිව යුතුයි. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය 21වෙනි­දාට ගෑස් සිලි­න්ඩ­ර­යට ලබා දීම ඉතාම වැද­ගත් වෙනවා.  ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජය­ග්‍ර­හ­ණය කිරීම මත ලංකාව ඉදි­රි­යට ගමන් කර­න­වද? නැද්ද? යන්න තීර­ණය වෙනවා. වෙනත් අපේ­ක්ෂ්ක­යෙ­කුට බලය  දී මේ රට සහ­මු­ලින්ම වැන­සිලා ඇෆ්ග­නි­ස්තා­නය සිම්බාබ්වේ වැනි රටක් බවට පත්වෙ­න­වාද? නැත්නම් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජය­ග්‍ර­හ­ණය කරවා  සිංග­ප්පූ­රුව,   චීනය,   ඉන්දි­යාව,  මැලේ­සි­යාව වැනි දියුණු මාව­තට යන­වද? යන තීර­ණය ඔබ ගත යුතුයි. දරු­වන්ට හෙටක් තියෙ­න­වද? අනා­ග­ත­යක් නැති නරා­ව­ළ­කට වැටෙ­න­වද? යන්න තීර­ණය කිරීමේ තීර­ණා­ත්මක කති­රය සැප්තැ­ම්බර් 21 වෙනි­දාට පාවිච්චි වෙනවා.

මේ අව­ස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂය ස්වාධීන අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට පූර්ණ ශක්ති­යක් ලබා දෙනවා. 1956 මේ රටේ සමාජ පරි­ව­ර්ත­න­යක් ඇති කරපු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මැති­තුමා,  දිවං­ගත පිලිප් ගුණ­ව­ර්ධන මැති­තුමා ආරම්භ කරපු මහ­ජන එක්සත් පෙර­මුණ අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් නොකොට,  ස්වාධීන අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට සහ­යෝ­ගය ලබා දෙනවා.

ලෝකයේ ප්‍රථම කාන්තා අග්‍රා­මා­ත්‍ය­තු­මිය වූ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය පෝෂ­ණය කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අත ලකු­ණෙන් හෝ පුටුව ලකු­ණෙන් මේ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් නොවී ස්වාධීන අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට සහාය වෙනවා. ඒ නිසා 21 වෙනිදා ගෑස් සිලි­න්ඩ­රය ලකු­ණට කති­රය ගසා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා නැවත වරක් ජනා­ධි­පති කරමු කියා මා ඔබ සැම­ගෙන් ඉල්ලා සිටි­නවා.”

ආමාත්‍ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා –

“සැප්තැ­ම්බර් 22  වනදා පාර්ලි­මේ­න්තුව විසු­රු­වන බව අනුර කුමාර කිය­නවා. අව­ශ්‍ය­නම් දැන් වුණත්  පාර්ලි­මේ­න්තුව විසු­රු­වන්න හැකි­යාව තිබෙ­නවා.  නමුත් විසි­රු­වු­වොත් පාර්ලි­මේ­න්තුව නැහැ,  පළාත් සභා නැහැ. ප්‍රාදේ­ශීය සභා සහ නගර සභා නැති වෙනවා. මහ­ජන නියෝ­ජි­ත­යන් කවු­රුත් නැහැ. තනි පුද්ග­ල­යෙක් මුළු රටේම බලය ගන්නවා. ව්‍යව­ස්ථාවේ 04 (ආ) වග­න්තිය අනුව ආර­ක්ෂාව ද ඇතු­ළුව. ජන­තා­වගේ විධා­යක බලය ඒ පුද්ග­ල­යාට ලැබෙ­නවා.  ලක්ෂ තුනක ත්‍රිවිධ හමු­දා­වක්. පොලි­සියේ ලක්ෂ­යක් ඇතුළු සමස්ත රාජ්‍ය පාල­නය ඔහුට හිමි වෙනවා.

එවැනි කණ්­ඩා­ය­මක නාය­ක­යෙ­කුට මේ සියලු බල­තල සැප්තැ­ම්බර් 22 දා ලැබු‍ණොත් රටේ ජන­තා­වට මොකද වෙන්නේ කියා සිතා බැලිය යුතුයි. ඉති­හා­සය තුළ ආයුධ නැතුව,  ඒවා හොර­කම් කර ගෙන  ඔවුන් කළ කී දේ අපට මත­කයි. එහෙම පිරි­ස­කට නීත්‍ය­නු­කූ­ලව ලැබෙ­න්නාවූ මේ බලය ඔවුන් මොන විදි­යට ක්‍රියා­ත්මක  කරයි ද කියා අප සිතිය යුතුයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා පස්ව­තා­වක් මේ රටේ අග­මැති ධුරය දැරුවා. දැන් ජනා­ධි­පති ධුරය දර­නවා. එතුමා අර­ග­ලය නවතා රට සන්සුන් කළා. එක උණ්ඩ­යක් වැය කළේ නැහැ.

මම නීති­ඥ­යෙක් විදි­යට කට­යුතු කරන කාලයේ ඒ භයා­නක තත්ත්වය 88, 89 කාලයේ  දී අත්දු­ටුවා. වෙනදා මෙන් සාමාන්‍ය තත්ත්ව­යක් යටතේ පැවැ­ත්වෙන  මැති­ව­ර­ණ­යක් නොවෙයි. මේක අව­දා­නම් කාල­යක පව­ත්වන මැති­ව­ර­ණ­යක්. මේක කළ­ම­නා­ක­ර­ණය කළ යුත්තේ  දේශ­පා­ල­න­ඥයෝ නොවෙයි රාජ්‍ය­තා­න්ත්‍රික ලෙසයි. මම අපේ­ක්ෂ­ක­යන් 38ක් දෙනා­ගෙන් අහ­නවා එක්කෙ­නෙ­ක්වත් අතර රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යෙක් ඉන්න­වාද කියලා රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය කියන්නේ දේශ­පා­ල­න­යට එහා ගිය දෙයක්. බුද්ධිය,   උග­ත්කම,   කළ­ම­නා­ක­ර­ණය,  වෙනත් රාජ්‍ය­යන් සමඟ සම්බ­න්ධතා පවත්වා ගැනීමේ හැකි­යාව,  පරි­ණ­ත­භා­වය ඇතුළු මේ සියලු දේ තියෙන එකම අපේ­ක්ෂ­කයා  ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි.”

මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ අන්‍යා­ග­මික පූජ­ක­ව­රුන් ද,  මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය,  අමාත්‍ය අලි සබ්‍රි,  පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන රාජිත සේනා­රත්න,  මේජර් ප්‍රදීප් උඳු­ගොඩ,  මධුර විතා­නගේ,  හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන නන්දන ගුණ­ති­ලක යන මහත්ම මහ­ත්මීන්,  හිටපු පළාත් සභා හා ප්‍රාදේ­ශීය දේශ­පා­ලන නියෝ­ජි­තයෝ ඇතුළු විශාල ජන­කා­යක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ජන රැලියට එක්ව සිටි අතිවිශාල ජනකායෙන් කොටසක්