දැඩි ආපදාවන්ගෙන් බැට කන මධ්‍යම යුරෝපය

මධ්‍යම යුරෝපයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටවල් හතරකින් මෙම මරණ වාර්තා වී ඇති අතර දරුණු ගංවතුර තත්ත්වයන් නිසා ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි පීඩාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පීඩාවට පත්වූවන් නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට සහන සැලසීම සඳහා පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් විසින් යුරෝ මිලියන 234ක් වෙන් කරන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ රැසක විදුලිය ද විසන්ධි වී ඇති අතර මේ හේතුවෙන් අදාළ රටවල ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.