ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ අම්මලා තාත්තලා විරෝධයක

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීමේ සිද්ධියක් නිසා තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව පවසමින් මවුපියවරු පිරිසක් ඊයේ (17) සවස පූගොඩ බස් නැවතුම්පොළ අසලදී විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ යෙදුණු මවුපියන් ඉල්ලා සිටියේ ප්‍රශ්න කිහිපයක් ඉවත් කිරීමට ලබාදී ඇති විසඳුම ප්‍රමාණවත් නොවන බැවින් නැවත ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු කළ යුතු බවය.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් මවුපියෝ හැටකට ආසන්න පිරිසක් මේ විරෝධතාවට එක්වූහ.