ජනපතිගේ හෝමාගම අවසන් මහ රැලියේ කටවුට් බැනර් සියල්ල ගලවන්න මැ.කො. නියෝග කරයි

හෝමාගමදී හෙට (18) පැවැත්වෙන ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන අවසන් මහා රැලියට අදාළව ප්‍රදේශයේ ප්‍රදර්ශන කර තිබෙන බැනර් කටවුට් සියල්ල ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් හෝමාගම පොලිසියට හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභාව සහ පොලිසිය මඟින් එම බැනර් කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ කොමිසම මඟින් මේ සම්බන්ධයෙන් ලිපියක් මඟින් ප්‍රාදේශීය ලේකම්වරයා සහ පොලිසිය දැනුම්වත් කර තිබේ.