මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව සඳහන්.