ශිෂ්‍යත්ව විභාගයට ගිය දරුවන්ගේ ආරක්ෂාවට ගිය වනජීවී නිලදරුවන්

වනඅලි ඇතුළු වන සතුන් නිතර ගැවසෙන මිනිපේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වනගත දුෂ්කර ගම්මානවල පදිංචි මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ ආරක්ෂාව සඳහා හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය ජංගම මුර සංචාරක වැඩසටහනක් ඊයේ (15) වැනි දවස පුරා ක්‍රියාත්මක කළේය. අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතාගේ අදහසක් මත ආරම්භ කළ මෙම වැඩසටහන ගම්මාන 15ක් පමණ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන නිසා එම ගම්මානවල දු දරුවන්ට සහ මවුපියන්ට කලට වේලාවට කිසිදු බියකින් හා සැකයකින් තොරව අදාළ පාසලට යෑමට සහ ඒමට හැකි වූ බවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දායක වූ සියලූම නිලධාරින්ට ගම්වාසින්ගේ නොමඳ ස්තුතිය හිමි වෙන බවද දුන්ගොල්ල ගමේ ප්‍රදේශවාසීහු පවසති.