විජේවීරගේ සිරුර පණපිටින් ආදාහනාගාරයට විසිකළ අයත් – අද මාලිමා වේදිකාවේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ ඝාතකයන් අද සිටින්නේ මාලිමා වේදකාවේ බව එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා මහතා පැවැසීය.

පෙරටුගාමී සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධූර අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතාගේ ජයග්‍රහණය උදෙසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධානයෙන් මැදිරිගිරියේ දී පැවැති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය.

විජේවීර සහෝදරයාගේ ඝාතනයට හවුල් වූ අය මාලිමා වේදකාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොල්තෙල් පහන දල්වනවා. රෝහණ සහෝදරයාට පිස්තෝලෙන් වෙඩි තියලා ආදාහනාගාරෙට ගෙන ගිහින් විසි කරද්දි බැම්මේ වැදිලා බිම වැටිලා කෙදිරි ගාද්දි තොපිට බැරිද කියලා කෑගහලා රෝහණ සහෝදරයාව පණ පිටින් ආදාහනාගාරෙට විසි කළේ ඔහුයි. මම ඒ නමත් එක්ක කියන්නෙ. පුළුවන් නම් නඩු දාන්න. මං කැමැතියි උසාවි යන්න. කාට හරි සැකයක් තිබෙනවා නම් මම ෆොටෝ පෙන්වන්නම්. විජේවීර ඝාතනයට යුක්තිය ඉල්ලපු මිනිස්සු ඒ ගහලයෝ එක්ක වේදකාවේ එකට ලගිනවා. රෝහණ සහෝදරයාගේ ඝාතනය ගැන ලෝකෙට කියලා අවුරුදු 8ක් හිරේ ලැගපු මට ඒ ඝාතකයා එක්ක මාලිමාවේ ඉන්න බැහැ. අනුර අපි එක්ක රතු ෂර්ට් ඇඳන් ආවේ. අපිත් එක්ක එකට හිටියේ. අද දම්පාට වෙලා මේ අය ජනතාව රවට්ටනවා. එයාල පෙන්වන ප්‍රතිපත්තියේ කොහේවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා කියලා නැහැ. එයාලගේ ඇත්ත ප්‍රතිපත්තිය අන්තර්ජලයේ තිබෙනවා. පිටු 233යි. එකේ තියෙනවා අධ්‍යාපනය විකුණනවා කියලා. නිදහස් අධ්‍යාපනයෙන් උපාධියක් ගත්ත අනුර කොහොමද කියන්නේ අධ්‍යාපනය විකුණනවා කියලා. අනුරගෙ ළමයි ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට, ලාල් කාන්තගෙ ළමයි ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට, සුනිල් වටගලගේ දරුවෝ ගියෙත් ඒකට. වසන්ත සමරසිංහගේ දරුවෝ යන්නෙ පෞද්ගලික පාසල්වලට. මේ අය කොලේ වහලා ගහන්නේ.

ලාල් කාන්ත තවම ඉන්නේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවෙසේ. මත්පැන් බොන්නේ නැහැලු. උදේ හිටන් බීගෙන ඉන්නේ. විජිත හේරත් බොන්නේ නැහැලු මෙයාලා නස්කූනි වෙන්න බොන්නෙ. ජනතාව අන්දවන්න බොරු කරන පිරිසක් යැයිද කීවේය.