වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : යළි නොවැටෙන ආර්ථිකයක් හදන්න ජනවරම මට දෙන්න

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවයි

වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවූයේ එක නතාලියා කෙනෙකුට වුවද තමාට නතාලියා දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා දරුවාගේ අයිතිය ඉල්ලා ඒ දෙදෙනාම කෑ ගැසුවද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවන බවද අවධාරණය කළා