ට්‍රම්ප්ට වෙඩි තැබූ සැකකරු අල්ලයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆ්ලොරීඩා හිදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී ට්‍රම්ප් දිවි බේරා ගැනීමට සමත් වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා කරන ස්ථානයට ඉදිරියෙන් ගොල්ෆ් පිටියේ පඳුරු අතර ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් ස්ථානගත කර තිබූ ගිනි අවියක් රහස් සේවා නියෝජිතයෙකු විසින් දැක වෙඩි තබා තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ඉන් ඉවත්ව කළු පැහැති මෝටර් රථයකින් පලාගොස් තිබෙනවා.

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එහි තිබී දුරදක්නයක් සහ නවීන කැමරාවක් සහ තවත් උපාංග කිහිපයක් සොයාගෙන ඇති අතර එරට ආරක්ෂක අංශ විසින් ලැබුණු තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකින් වෙඩි තැබීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු 58 හැවිරිදි වියේ පසුවන අයෙකු වනවා.