ගංවතුරෙන් පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට බලපෑම්

මධ්‍යම යුරෝපයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පෝලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල ගංවතුර තත්ත්වයන් හටගෙන තිබෙනවා.

මේ වනවිට පෝලන්තයේ එක් අයෙකු ආපදා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු ආපදා සහන කණ්ඩායමක සාමාජිකයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ආපදා තත්ත්වය නිසා තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බව සඳහන්.

ඔවුන්ට සහන සැලසීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති අතර ගංවතුරට මුහුණ දී ඇති ඇතැම් ප්‍රදේශ දශක තුනකට ආසන්න කාලයකට පසු බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම නිවාස මිලියන හතරකට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා