රාගම දී දුම්රියක් පීලි පනියි -ගමනාගමනයට ද බාධා

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබෙයි.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙයි.

මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.