රොනාල්ඩෝ සමාජ මාධ්‍යයේ ඉති­හා­ස­ගත වෙයි-අනු­ගා­මි­ක­යින් කෝටි 100ක් ඉක්ම­වයි

ලොව වැඩිම ජනප්‍රිය­ත්ව­යක් ඇති පෘතු­ගාල පාපන්දු තරුව ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ සියලු සමාජ මාධ්‍ය වේදි­කා­වල අනු­ගා­මි­ක­යින් බිලි­යන 1ක් ඉක්මවා ගිය පළමු පුද්ග­ලයා ලෙස ඉති­හා­ස­ගත වෙයි.

සෞවුදි අරා­බියේ අල් නසාර් පාපන්දු සමා­ජයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩක රොනා­ල්ඩෝට ඉන්ස්ට­ග්‍රෑම්හි අනු­ගා­මි­ක­යන් මිලි­යන 639ක්, ෆේස්බුක්හි මිලි­යන 170.5ක් පමණ අනු­ගා­මි­ක­යන් කලින් ට්විටර් වර්ත­මා­නයේ ‘එක්ස්‘ හි මිලි­යන 113ක් හා ඔහු මෑත­කදී ආරම්භ කළ යූටියුබ් නාළිකාවේ සති­යක් ඇතු­ළත ග්‍රාහ­ක­යෝ මිලි­යන 50ක් සිටිති.

“මා කෙරෙහි විශ්වා­සය තබා ඔබ ලබා­ දෙන සහ­යෝ­ග­යට සහ ඔබ මගේ ජීවි­තයේ කොට­සක් වීම ගැන ඔබට ස්තුතියි. හොඳම දේ තවම පැමිණියේ නැත. අපි ඉදි­රි­යට බොහො අලුත් දේ කරමු. ඒ වගේම ජය­ග්‍ර­හ­ණය කරමු. අපි සියලු දෙනා එක්ව ඉති­හා­සය ගොඩ­න­ඟමු” රොනාල්ඩෝ සමාජ මාධ්‍ය සට­හ­නක් තබ­මින් ඊයේ පැවැ­සීය.

ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ මේ වන ­විට ආර්ජ­න්ටිනා පාපන්දු නායක ලය­නල් මෙසී සහ බ්‍රසී­ලයේ නේමාර්ට වඩා බොහෝ ඉදි­රි­යෙන් සිටී.