මෝටර් රථ ආනයනයට තිබූ තාවකාලික තහනම ඉවතට

මේ වසරේ ඔක්තෝ­බර් පළමු වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි අදි­යර කිහි­ප­යක් යටතේ වාහන ආන­ය­නය සඳහා අනු­මැ­තිය ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර තිබේ.

304 HS කේතය යටතේ වර්ගී­ක­ර­ණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා පනවා තිබූ තාව­කා­ලික තහ­නම ඉවත් කිරී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

ඒ අනුව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ පව­තින විස්තීර්ණ අර­මු­දල් පහ­සු­කම් වැඩ­ස­ට­හන යටතේ ගෙන ඇති ආර්ථිකය ප්‍රකෘ­ති­මත් වීමේ ක්‍රියා­ව­ලි­යට අනු­කු­ලව සහ මුදල් අමා­ත්‍යාං­ශයේ නිර්දේ­ශ­ව­ලට යටත්ව, 2024 ඔක්තෝ­ම්බර් 1 වැනිදා සිට අදි­යර තුනක් යටතේ මෙම තහ­නම ඉවත් කිරීම සිදු­වන අතර මෙරට විදේශ විනි­මය සංචි­තයේ ඇතිව තිබූ පීඩ­නය කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා පළ­මු­වෙන්ම 2020 වසරේ මාර්තු මාසයේ දී පන­වන ලද මෙම තහ­නම මගින්, ඖෂධ, ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය වැනි අත්‍ය­වශ්‍ය භාණ්ඩ ආන­ය­නය සඳහා අවශ්‍ය විදේශ විනි­මය කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීම වෙනු­වෙන් මෙම අත්‍ය­වශ්‍ය නොවන භාණ්ඩ ආන­ය­නය සීමා­කර තිබේ.

කෙසේ වෙතත්, මෙරට ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් කිරීමේ ක්‍රියා­මාර්ග සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වන වැඩ­ස­ට­හන යටතේ වර්ත­මා­නයේ රට­තුළ පව­තින ආර්ථික හා පාරි­ස­රික සාධක සලකා බැලී­මෙන් අන­තු­රුව ආණ්ඩුව මෙම තහ­නම ඉවත් කිරී­මට තීර­ණය කර තිබේ. ඒ අනුව, 304 HS කේතය යටතේ වර්ගී­ක­ර­ණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය කිරීම සඳහා අව­සර ලබා­දීම අදි­යර තුන­කින් සිදු­කෙරේ.

ඒ අනුව පළමු අදි­යර යටතේ පොදු මගී ප්‍රවා­හන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙ­කුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා 2024 ඔක්තෝ­බර් 1 වැනිදා සිට අව­සර දෙන අතර දෙවැනි අදි­යර යටතේ වාණි­ජ­මය හෝ භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු වෙනු­වෙන් භාවිත කරන වාහන ආන­ය­නය සඳහා 2024 දෙසැ­ම්බර් 1 වැනිදා සිට අව­සර දෙනු ලබයි. තුන්වන අදි­යර යටතේ පුද්ග­ලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදි­ලියේ වාහන ආදිය ඇතු­ළුව) ආන­ය­නය සඳහා 2025 පෙබ­ර­වාරි 1 වැනිදා සිට අව­සර දෙනු ලැබේ.

පනවා ඇති තහ­නම ක්‍රමා­නු­කූ­ලව ඉවත් කිරීම මඟින් මෙරට මෝටර් රථ කර්මා­න්තය පුන­ර්ජී­ව­නය කිරී­මට මෙන්ම ආර්ථි­කය නංවා­ලීම ද අපේක්ෂා කරන අතර මෙම­ඟින් පැරණි වාහන භාවි­තය නිසා ඇති වී තිබෙන ඉන්ධන අකා­ර්ය­ක්ෂ­ම­තාව අවම කිරීම සහ නඩත්තු විය­දම් ඉහළ යාම පාල­නය කිරීම වැනි ගැටලු විස­ඳී­මට උප­කාරී වන බව ඇමැති මණ්ඩල සංදේ­ශයේ සඳ­හන් වේ. ආන­යන සීමා කිරීම් දීර්ඝ කිරීම හේතු­වෙන්මේ වන­විට ශ්‍රී ලංකාව තුළ පැරණි වාහන සමූ­හ­යක් ඉතිරි වී පව­තින අතර, ඉන්ධන අකා­ර්ය­ක්ෂ­ම­තාව හේතු­වෙන් මාර්ග ආර­ක්ෂාව සහ ඉන් ඇති­වන පාරි­ස­රික බල­පෑම් පිළි­බඳ ගැටලු මතුවී තිබේ.

වාහන ආන­ය­නය සම්ප්‍ර­දා­යි­කව ප්‍රධාන ආදා­යම් මාර්ග­යක් වී ඇති බැවින් නව වාහන ආන­ය­න­යට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියා­කා­ර­කම් ඉහළ නැංවී­මට සහ රජයේ ආදා­යම වැඩි කිරී­මට ද අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, වාහන ආන­ය­නය මෙරට විදේශ විනි­මය සංචිත කෙරෙහි බල­පෑ­මක් ඇති කරන බැවින් එම තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා වාහන ආන­ය­නය සඳහා අම­තර තීරු බදු පැන­වීම වැනි පිය­වර ද හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති පැරිස් සම්මු­ති­යෙහි ඇතු­ළත් “ජාතික වශ­යෙන් නිර්ණය කළ දාය­ක­ත්වය (NDCs)” සපු­රා­ලීම සඳහා පව­තින කැප­වීම මෙන්ම 2050 වන විට ‘ශුන්‍ය විමෝ­චන තත්ත්වය’ කරා ළඟා වීම සඳහා පව­තින ඉල­ක්කය, මෙම තීර­ණය වෙත එළැ­ඹී­මේදී ද සැල­කි­ල්ලට භාජ­නය කර තිබේ. නව වාහන ආන­යන ප්‍රති­ප­ත්තිය මඟින් පරි­සර හිත­කාමී වාහන කෙරෙහි අව­ධා­නය යොමු කර තිබේ. ඊට අනුව Euro 4 සිට Euro 6 දක්වා ප්‍රමි­තීන්ට පරි­ව­ර්ත­නය වෙමින් වායු විමෝ­චන ප්‍රමි­තීන්ට අනු­කූල වීමද අවශ්‍ය වේ.

එමෙන්ම රජය විද්‍යුත් වාහන භාවි­තය ප්‍රව­ර්ධ­නය කිරීම ද මෙම­ඟින් අර­මුණු කර තිබේ. 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බල­යෙන් ක්‍රියා­ත්මක වන ත්‍රිරෝද රථ ආන­ය­නය තහ­නම් කර­මින් දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරි­ව­ර්ත­නය කිරීම ද දිරි­මත් කරනු ලැබේ. මෙරට තුළ වස­ර­කට සාමා­න්‍ය­යෙන් 30,087ක් පමණ (මූලික වශ­යෙන් යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථ) මාර්ග අන­තුරු සිදු­වන අතර ඒවා තව­දු­ර­ටත් අවම කිරීමේ උත්සා­හ­යක් ලෙස රජය සිය වාහන ආන­යන ප්‍රති­ප­ත්ති­ව­ලට ආර­ක්‍ෂිත පිය­වර ද ඇතු­ළත් කර තිබේ.

මෙම නව රාමුව යටතේ, මෝටර් රථ ආන­ය­නය නව මාදි­ලි­ව­ලට සීමා වේ. එනම් නිෂ්පා­ද­නය කර වසර තුන­කට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදි­ලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පා­ද­නය කර වසර පහට අඩු පොදු ප්‍රවා­හන සහ වාණිජ කට­යුතු සඳහා භාවිත කරන වාහන සඳහා මෙම තහ­නම ඉවත් කෙරේ. තවද විශේෂ කාර්ය­යන් සඳහා සහ ආර­ක්ෂක කට­යුතු සඳහා ආන­ය­නය කරනු ලබන වාහන අවු­රුදු දහ­යක් දක්වා පැරණි විය හැකිය. එසේම ආන­ය­න­ක­රු­වන් විසින් මෙම වාහන ආන­ය­නය කර දින 90ක් ඇතු­ළත ලියා­ප­දිංචි කර විකි­ණී­මට අවශ්‍ය වන අතර සිදු­වන ප්‍රමා­දය සඳහා දඩ මුදල් අය කෙරේ.

මීට අම­ත­රව, මෝටර් රථ සහ අම­තර කොටස් ආන­ය­නය කර­න්නන්, වාහන එක­ලස් කර­න්නන් සහ වෙ‍ෙළ­ඳුන් නියා­ම­නය කිරීම සඳහා වාර්ෂික බල­පත්‍ර ක්‍රම­යක් ද හඳුන්වා දීමට නිය­මිත වේ.

ශ්‍රී ලංකාව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ පව­තින වැඩ­ස­ට­හනේ අංග­යක් ලෙස ශ්‍රී ලංකාව ළඟා විය යුතු මූල්‍ය ඉල­ක්ක­ව­ලට සහාය වෙමින්, ආන­යන කට­යුතු ක්‍රමා­නු­කූ­ලව නැවත ආරම්භ කිරීම මෙන්ම තීරු­බදු හරහා අම­තර ආදා­ය­මක් උපයා ගැනී­මට ද මෙම­ඟින් අපේක්ෂා කෙරේ.