නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අද (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 80ක් මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බවද හෙතෙම පැවසීය.