IMF එකඟතා කඩ කළහොත් යළි ආර්ථිකය කඩා වැටෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අගවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ අද (14) පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ අනුව රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවයි

එමෙන්ම දැනට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය ප්‍රශංසනීය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා