මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්න අගමැතිගෙන් උපදෙස්

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්

ආහාර සුරක්ෂිතතාව හා ආර්ථික පුනර්ජනනීය කමිටු හරහා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධති මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන හා කෘෂිකර්ම කමිටු හරහා අතරමැදි කන්නයක් ලෙස ඉපනැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනුවත් කරමින් උනන්දු කරවීමේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක මුං අස්වැන්නක් වෙළඳපොලට පැමිණෙමින් පවතින අතර ඒ සඳහා සාධාරණ තොග මිලක් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර තිබෙනවා

මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මුං ඇට අස්වනු විශාල ලෙස වෙළඳපළට ඒමත් සමඟ මිල ගණන් පහතට හෙළමින් ගොවීන් අසරණභාවයට පත්වීම වළක්වාලීමටයි මෙම පියවර ගෙන ඇත්තේ