නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා­හැ­රීම අද අව­සන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා­හැ­රීම අද (14) අව­සන් කරන බව තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කා­ව­ලින් සිය­යට 80ක් මේ වන විට බෙදා අව­සන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා සඳ­හන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යා­ල­යෙන් අන­න්‍ය­තාව තහ­වුරු කර ලබා ගත හැකි බවද හෙතෙම පැව­සීය.