තරු පන්තියේ හෝටල් රැසක් හිස් වෙයි-බංග්ලා­දේ­ශයේ සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම පහ­ළට

ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු බංග්ලා­දේ­ශයේ සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති බව වාර්තා වේ.

අන්ත­ර්වාර රජය පත්වී­මෙන් මාස­යක කාල­යක් ගත­වූ­වද තරු පන්තියේ හෝටල් රැස­කට සාමාන්‍ය ව්‍යාපා­රික කට­යුතු නැවත ආරම්භ කිරී­මට නොහැකි තත්ත්ව­යක් මතු වී ඇති අතර, කාමර වෙන් කර­ගැ­නීම් සහ සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම එම හෝට­ල්වල 30% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.

විරෝ­ධතා අත­ර­තුර සියලු හෝට­ල්වල සේවි­කා­වන්ට නිවාඩු ලබා දී සේව­ක­යන්ට පම­ණක් හෝටල් පරි­ශ්‍රයේ නවා­තැන් ගනි­මින් රැකි­යා­වට වාර්තා කිරී­මට පහ­සු­කම් සලසා තිබූ අතර, මේ වන විටත් සම්පූර්ණ කාර්ය මණ්ඩ­ලය ගෙන්වා ගැනී­මට ප්‍රමා­ණ­වත් සංචා­ර­ක­යන් පිරි­සක් හෝටල් කරා නොපැ­මි­ණෙන බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.