එංගලන්තයේ පාසල් ජාලයක ස්මාර්ට් ජංගම දුරකථන තහනම්

එංගලන්තය තුළ ක්‍රියාත්මක වන විශාලතම පාසල් ජාලයක්, සිසුන්ට පාසල් කාලය තුළ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

රට පුරා පිහිටි සිය පාසල් 42ක සිසුන් 35,000කට පමණ මෙලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්මාර්ට් ජංගම දුරකථන සිසුන්ගේ ඉගෙනීම සහ යහපැවැත්ම කඩාකප්පල් කරන අතර එය ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල කරන බව බලධාරීන් පෙන්වාදෙනවා.