පුද්ගල ආදා­යම් බදු ව්‍යුහයේ සංශෝ­ධනයක්

බදු ගෙව­න්නන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ක්‍රියා­ත්මක ආණ්ඩුවේ වැඩ­ස­ට­හන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා­ත්මක වන පරිදි පුද්ගල ආදා­යම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝ­ධන සිදු කිරී­මට ඇමැති මණ්ඩල අනු­මැ­තිය හිමිව තිබේ.

2023 වසරේ මුල් භාගයේ දී හඳුන්වා දුන් බදු ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් වඩාත් පීඩා­වට පත්වූ­වන්ට සහන සල­සන අත­රම මූල්‍ය වග­කීම් පවත්වා ගැනීම මෙම බදු ගැළ­පීම් සිදු කිරීමේ අර­මුණ වී ඇත. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) සමඟ කළ සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව, පුද්ගල ආදා­යම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝ­ධන, ඇමැති මණ්ඩල සංදේ­ශ­යක් මඟින් ඉදි­රි­පත් කර තිබෙන අතර, 2022 වසරේ මැද භාගයේ දී හඳුන්වා දුන් බදු ප්‍රති­සං­ස්ක­රණ, රටේ ආර්ථික අර්බු­ද­යට ප්‍රති­චාර වශ­යෙන් රාජ්‍ය ආදා­යම ඉහළ නැංවීමේ පුළුල් උපා­ය­මා­ර්ගයේ අංග­යකි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති­ක­ර­ගෙන ඇති විස්තීර්ණ අර­මු­දල් පහ­සු­කම් (EFF) වැඩ­ස­ට­හන යටතේ, 2025 වසර අව­සන් වන විට දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 2.3ක ප්‍රාථ­මික අය­වැය අති­රි­ක්ත­යක් ළඟා කර ගැනී­මට ශ්‍රී ලංකාව කැපවී සිටින අතර, මෙම ඉල­ක්ක­යට ළඟා වීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 14ක් දක්වා ඉහළ නංවා ගැනී­මට සැල­කිය යුතු බදු ආදා­ය­මක් අවශ්‍ය වේ.

මූලික ප්‍රති­සං­ස්ක­රණ සඳහා වස­ර­කට රුපි­යල් මිලි­යන 1.2 බැගින් වූ බදු රහිත සීමා­වක්, රුපි­යල් 500,000 බැගින් වූ බදු පරා­ස­යන් සහ බදු අනු­පා­තය සිය­යට 6 ක අව­ම­යක් සහ සිය­යට 36ක උප­රි­ම­යක් ඇතු­ළත් විය. කෙසේ වෙතත්, විශේ­ෂ­යෙන් මධ්‍යම ආදා­යම් ලබ­න්නන් සඳහා සහන ලබා­දෙන ලෙස ඉදි­රි­පත් කළ ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපු­රා­ලී­මට පටන් ගත් 2024 මැද භාගයේ දී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ මේ පිළි­බඳ නැවත සාක­ච්ඡා­වල නිරත වීමට ආණ්ඩුව කට­යුතු කළේය.

ඒ අනුව බදු මට්ටම රුපි­යල් 500,000 සිට රුපි­යල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපි­යල් මිලි­යන 1.2ක් ලෙස තබා­ගැ­නීම සහ ඉහ­ළම බදු අනු­පා­තය වන සිය­යට 36 ඇතු­ළුව සෑම මට්ට­ම­කම ආන්තික බදු අනු­පාත පවත්වා ගැනී­මට ආණ්ඩුව යෝජනා කර තිබේ. 2017 අංක 24 දරන දේශීය ආදා­යම් පනත සඳහා සිදු කරන සංශෝ­ධ­න­ව­ලින් අන­තු­රුව මෙම ගැළ­පීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා­ත්මක කිරී­මට අපේක්ෂා කෙරේ.

බදු බර වැඩි වශ­යෙන් ප්‍රකා­ශිත බදු තීරු­වල මධ්‍යයේ සිටින පිරි­සට සහන සැල­සීම මෙම බදු ගැළ­පීම මඟින් අව­ධා­නය යොමු කර තිබේ. නිද­සු­නක් වශ­යෙන්, මස­කට රුපි­යල් 150,000ක ආදා­ය­මක් ලබන පුද්ග­ල­යෙ­කු­ගෙන් අය කළ බදු මුදල සිය­යට 14 කින් අඩු වන අතර, ඉහළ ආදා­යම් ලබ­න්නන්ට වඩාත් සීමිත සහ­න­යක් හිමි වේ. මෙම ගැළ­පුම මඟින් මෙරට සමස්ත ආදා­ය­මට ඇති­වන බල­පෑම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 0.07ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇති අතර, 2025 දී වාහන ආන­යන සීමා ලිහිල් කිරී­මෙන් ලැබෙන ආදා­යම යන කරුණු සැල­කි­ල්ලට ගනි­මින් මෙම සහ­නය සැල­සීම පිළි­බඳ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත සංශෝ­ධන මඟින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීමේ අව­ශ්‍ය­තා­වය මෙන්ම විශේ­ෂ­යෙන්ම මධ්‍ය ආදා­යම් ලබ­න්නන් සඳහා සහන සල­සන ලෙස ජන­තාව සිදු­කළ ඉල්ලීම ඉටු­වන බව මුදල් ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අව­ධා­ර­ණය කරයි.