පාත්ෆ­යි­න්ඩර් පද­නම සම්පා­ද­නය කළ ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන නිර්දේශ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වෙත

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන සහ අනා­ගත පැවැත්ම සඳහා වන නිර්දේශ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වෙත පිළි­ගැ­න්වී­මට පාත්ෆ­යි­න්ඩර් පද­නම පිය­වර ගෙන තිබේ. ස්වාධීන පර්යේ­ෂණ සහ උප­දේ­ශන සංවි­ධා­න­යක් වන පාත්ෆ­යි­න්ඩර් පද­නම සම්පා­ද­නය කරන ලද ශ්‍රී ලංකාවේ සංව­ර්ධන වේගය නංවන සහ අනා­ගත පැවැත්ම සඳහා නිර්දේශ ඇතු­ලත් ප්‍රකා­ශන දෙකක් නිකුත් කර ඇති අතර, ඒවායේ පිට­පත් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වෙත භාර දී ඇත.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කරන නාමල් රාජ­පක්ෂ, ජාතික ජන බල­වේ­ගය මහ ලේකම් ආචාර්ය නිහාල් අබේ­සිංහ සහ සර්ව­ජන බලය අපේ­ක්ෂක දිලිත් ජය­වීර මහ­ත්ව­රුන්ට මෙලෙස මේ ප්‍රකා­ශන පිරි­නමා තිබේ. මේ වාර්තා මඟින් ඉදිරි රාජ්‍ය පරි­පා­ල­න­යට ලබා ගත හැකි ප්‍රති­ප­ත්ති­මය තේරීම් සඳහා මඟ­පෙ­න්වී­මක් සල­සන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථීක තත්ත්වය ඉක්මන් ප්‍රකෘ­ති­යක් වෙනු­වෙන් හා දිගු­කා­ලීන ඔරොත්තු දීමේ හැකි­යාව වර්ධ­නය ඒකා­බද්ධ කරන ඉදිරි මාව­තක් සහ­තික කරනු වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන් කරුණු මෙහි අඩංගු කර ඇත.

පාත්ෆ­යි­න්ඩර් පද­නමේ සභා­පති බර්නාඩ් ගුණ­ති­ලක, විධා­යක අධ්‍යක්ෂ ආචාර්ය දයා­රත්න සිල්වා, පාත්ෆ­යි­න්ඩර් නියෝ­ජ­නය කරන ආර්.ඩබ්.ආර්. පේම­සිරි, වැඩ­ස­ට­හන් විධා­යක රුමේකා පෙරේරා සහ පර්යේ­ෂණ සහ­කාර රසාංගි කුමා­රි­හාමි මහත්ම මහ­ත්මීහු මේ අවස්ථා සඳහා සහ­භාගි වූ අතර, නිර්දේශ මාලාව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා වෙත පිරි­නැමූ අව­ස්ථාව සේයා­රු­වෙන් දැක්වේ.