පාණ­දුර හොරණ පාරේ වාහන හයක් එකට ගැටිලා-ශිෂ්‍යත්ව සිසුන් දෙන්නෙක් මවු­ව­රුත් එක්ක රෝහලේ

පාණ­දුර හොරණ මාර්ගයේ පින්කො­ටුව හන්දිය ප්‍රදේ­ශ­යේදී වාහන 6ක් එකි­නෙක ගැටී­මෙන් සිදුවූ අන­තු­ර­කින් මවු­ව­රුන් දෙදෙ­නකු සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා රෝහ­ල්ගත කළ බව අළු­බෝ­මුල්ල පොලි­සිය කියයි.

තුවාල ලබා ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත පිරිමි දරු­වන් දෙදෙ­නෙකි. සිදුවූ අන­තු­රින් ඔවුන් ගමන් ගත් කුලී ත්‍රිරෝද රථ­යට මෙන්ම සුඛෝ­ප­භෝගී ජීප් රථ­යට බර­ප­තළ අලාභ සිදු වී ඇති අතර මෝටර් රථ තුන­කට සහ වෑන් රථ­ය­කට තර­මක අලාභ සිදු වී ඇතැයි පොලි­සිය කියයි.

තුවාල ලද සිසුන් දෙදෙනා පාණ­දුර ප්‍රදේ­ශයේ එකම පාස­ලක ඉගෙ­නුම ලබන අතර අළු­බෝ­මුල්ල ජන­ප්‍රිය මාවතේ පදිංචි සිසු­වාගේ නිවස කරා එම සිසුවා සහ ඔහුගේ මව සමග වාද්දුව පොහො­ද්දර මුල්ලේ සිසුවා සහ මව කුලී ත්‍රිරෝද රථ­ය­කින් පාණ­දුර සිට හොරණ මාර්ගයේ යමින් සිටි­යදී මෙම අන­තුර වී ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත පින්කො­ටුව ප්‍රදේ­ශ­යේදී වම් පස අතුරු මාර්ග­යට වෙනත් වාහ­න­යක් හැර­වී­මට සූදා­නම් වීම හේතු­වෙන් ත්‍රිරෝද රථය නවතා ගෙන සිටි­යදී පාණ­දුර සිට හොරණ දෙසට ධාව­නය වෙමින් තිබූ සුඛෝ­ප­භෝගී ජීප් රථය එම දිශා­ව­ටම ධාව­නය වූ මෝටර් රථ­යක සහ නවතා තිබූ මෝටර් රථ­යක හප්පා­ගෙන පැමිණ ත්‍රිරෝද රථයේ සහ මෝටර් රථ­යක පිටු­පස ගැටි ත්‍රිරෝද රථය ඉදි­රි­යට ඇදී ගොස් අසල නවතා තිබූ වෑන් රථ­යක පිටු­පස ගැටී මෙම අන­තුර වී තිබූ බව පොලි­සිය කියයි.

සුඛෝ­ප­භෝගී ජීප් රථයේ රියැ­දු­රුට නින්ද­යාම හේතු­වෙන් මෙම අන­තුර වී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි. තුවාල ලද මවු­ව­රුන් දෙදෙනා සහ දරු දෙදෙනා පාන­දුර මූලික රෝහලේ අංක තුන වාට්ටුවේ ප්‍රති­කාර ලබන බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සීය. අළු­බෝ­මුල්ල පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අසංක රාජ­ක­රුණා මහ­තාගේ උප­දෙස් මත රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක චාමින්ද මහතා ඇතුළු පොලිස් නිල­ධා­රීන් පරී­ක්ෂණ පව­ත්වයි.