චීනය ඌන සංවර්ධිත රටවල භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි

2024 දෙසැම්බර් 1 වැනිදා සිට, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන 100% ක භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු උපමාන කමිටුව ඊයේ (12) නිවේදනය කර තිබෙනවා.

ඒ අතරින්, තීරුබදු සහිත කෝටාව තුළ ඇති නිෂ්පාදන සඳහා තීරුබදු ශුන්‍ය කරනු ලබන අතර, කෝටාවෙන් පිටත තීරුබදු අනුපාතය නොවෙනස්ව පවතින බව සඳහන්.

ඒ අනුව එම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ ඌන සංවර්ධිත රටවලට ඒකපාර්ශ්වික විවෘත කිරීම් පුළුල් කොට පොදු සංවර්ධනය ළඟා කර ගැනීම බවයි වාර්තා වන්නේ.