දීර්ඝ සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවාවන් රැසක්

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන පරිදි අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කර ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි.