තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතා සතුටුදායකයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද 98.8% ක් ඉක්මවා ප්‍රකාශයට පත්ව ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී මධ්‍යස්ථානවලින් වාර්තා වනවා.

මෙවර තැපැල් ඡන්දය සඳහා 712319ක් සුදුසුකම් ලබා තිබූ අතර තැපැල් ඡන්දය ප්‍රකාශයට පත්කිරීමට වෙන්කර තිබූ සැප්තැම්බර් 4,5,6 දිනවලත් ඒ දින 03 දී ඡන්දය දීමට නොහැකිවූ පිරිස් සඳහා 11 සහ 12 යන දිනත් ලබාදීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුණේ.

තැපැල් ඡන්දය ඊයේ (12) ප්‍රකාශ වූ බැවින් තැපැල් ඡන්ද දායකයින්ට තවදුරටත් ඡන්දය භාවිතා කිරීමට ඉඩ තිබූ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ස්ටින්නේ.

විවිධ මාධ්‍ය ඔස්සේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳ විවිධ ප්‍රතිශත ඉදිරිපත් කළ මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් එය දැනුම් දී නොමැති බවත් කෙසේ වෙතත් මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවති බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.