මිලියන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දායකයින් අතරින් වැඩි ම ඡන්ද දායකයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර, කොළඹ සහ කුරුණෑගල දෙවන සහ තෙවන ස්ථානවල පසු වෙයි.
මිලියන 17ක සමස්ත ඡන්ද දායකයින් අතරින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇත්තේ, බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමිනි.මෙහිදී වැඩිම ඡන්ද දායක ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර අඩුම ඡන්ද දායකයන් ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කය වන්නේ වන්නි දිස්ත්‍රික්කයයි.
රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකන ජනාධිපතිවරණයකදී ඡන්ද දායකයන් වැඩි දිස්ත්‍රික්ක කිහිපයක් ජයග්‍රහණය කිරීම තුළ එම අපේක්ෂකයාට ජයග්‍රහණය ලබා ගැනීම පහසු වේ.එමෙන්ම ඡන්ද දායකයන් අඩු දිස්ත්‍රික්ක වැඩි ප්‍රමාණයක් ජයගත්තද එමගින් සමස්ත ජයග්‍රහණය ලබා ගැනීමට අපේක්ෂකයකුට හැකියාව නොලැබේ.2015 දී සිදු වූයේද එවැනි තත්ත්වයකි.උතුරු නැඟෙනහිර ඇතුලු ඡන්ද ප්‍රමාණය අඩු දිස්ත්‍රික්ක රැසක් ජයග්‍රහණය කළ අතර ඡන්ද ප්‍රමාණය වැඩි දිස්ත්‍රික්කවන කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කද එවර ජයග්‍රාහකයා විසින් දිනා ගැනීම නිසා එම අපේක්ෂකයාට තියුණු ජයක් ලැබීමට පුළුවන්කම ලැබුණි.
මේ අප සටහන් කරනු ලබන්නේ මෙරට සියලු මැතිවරණ දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය කෙතෙක්ද යන්නයි.
ගම්පහ 1881129
කොළඹ 1765351
කලුතර 1024244
ගාල්ල 903163
මාතර 686175
ගාල්ල 903163
හම්බන්තොට 520940
රත්නපුර 923736
කෑගල්ල 709622
කුරුණෑගල 1417226
පුත්තලම 663673
අනුරාධපුර 741862
පොළොන්නරුව 351302
මහනුවර 1191399
නුවරඑළිය 605222
මාතලේ 429991
දිගාමඩුල්ල 555432
මඩකළපුව 449686
ත්‍රිකුණාමලය 315925
යාපනය 593187
වන්නි 306081
මෙම දිස්ත්‍රික්කවල සිටින ඡන්ද දායකයන්ගෙන් 85% ආසන්න පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය පළ කිරීමට ඡන්ද පොළට යෑමට මහත් උනන්දුවෙන් බලා සිටිති.