ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල සිහින් වෙයි

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසින් සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මේ දිනවල සිහින් දිය දහරක් බවට පත්ව ඇත.

පවතින වියළි කාලගුණය හමුවේ මෙවැනි තත්ත්වයක් උදාවී ඇත. වෙනත් දිනයන්හි විශාල ජල කඳක් සහිතව සුන්දර ලෙස ඇදහැලෙන බඹරකන්ද දියඇල්ල අද පවතින අයුරුයි මේ.