සීතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි

සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවයි