සැප්තැ­ම්බර් 21 ඡන්ද පොළට යන ඡන්ද දායක ප්‍රමා­ණය දිස්ත්‍රික්ක අනුව

මිලි­යන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දාය­ක­යින් අත­රින් වැඩි ම ඡන්ද දාය­ක­යින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ලියා­ප­දිංචි වී ඇති අතර, කොළඹ සහ කුරු­ණෑ­ගල දෙවන සහ තෙවන ස්ථාන­වල පසු වෙයි.

මිලි­යන 17ක සමස්ත ඡන්ද දාය­ක­යින් අත­රින් මිලි­යන 4ක් ලියා­ප­දිංචි වී ඇත්තේ, බස්නා­හිර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝ­ජ­නය කර­මිනි.මෙහිදී වැඩිම ඡන්ද දායක ප්‍රමා­ණ­යක් සිටින දිස්ත්‍රි­ක්කය වන්නේ ගම්පහ දිස්ත්‍රි­ක්කය වන අතර අඩුම ඡන්ද දාය­ක­යන් ප්‍රමා­ණ­යක් සිටින දිස්ත්‍රි­ක්කය වන්නේ වන්නි දිස්ත්‍රි­ක්ක­යයි.

රටම එකම මැති­ව­රණ කොට්ඨා­ස­යක් ලෙස සල­කන ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ඡන්ද දාය­ක­යන් වැඩි දිස්ත්‍රික්ක කිහි­ප­යක් ජය­ග්‍ර­හ­ණය කිරීම තුළ එම අපේ­ක්ෂ­ක­යාට ජය­ග්‍ර­හ­ණය ලබා ගැනීම පහසු වේ.එමෙන්ම ඡන්ද දාය­ක­යන් අඩු දිස්ත්‍රික්ක වැඩි ප්‍රමා­ණ­යක් ජය­ග­ත්තද එම­ගින් සමස්ත ජය­ග්‍ර­හ­ණය ලබා ගැනී­මට අපේ­ක්ෂ­ක­ය­කුට හැකි­යාව නොලැබේ.2015 දී සිදු වූයේද එවැනි තත්ත්ව­යකි.උතුරු නැඟෙ­න­හිර ඇතුලු ඡන්ද ප්‍රමා­ණය අඩු දිස්ත්‍රික්ක රැසක් ජය­ග්‍ර­හ­ණය කළ අතර ඡන්ද ප්‍රමා­ණය වැඩි දිස්ත්‍රි­ක්ක­වන කොළඹ, ගම්පහ දිස්ත්‍රි­ක්කද එවර ජය­ග්‍රා­හ­කයා විසින් දිනා ගැනීම නිසා එම අපේ­ක්ෂ­ක­යාට තියුණු ජයක් ලැබී­මට පුළු­ව­න්කම ලැබුණි.

මේ අප සට­හන් කරනු ලබන්නේ මෙරට සියලු මැති­ව­රණ දිස්ත්‍රි­ක්ක­වල ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් ප්‍රමා­ණය කෙතෙක්ද යන්නයි.

ගම්පහ             1881129
කොළඹ            1765351
කලු­තර             1024244
ගාල්ල                903163
මාතර                686175
ගාල්ල                903163
හම්බ­න්තොට 520940
රත්න­පුර          923736
කෑගල්ල            709622
කුරු­ණෑ­ගල      1417226
පුත්ත­ලම          663673
අනු­රා­ධ­පුර      741862
පොළො­න්න­රුව  351302
මහ­නු­වර          1191399
නුව­ර­එ­ළිය        605222
මාතලේ             429991
දිගා­ම­ඩුල්ල       555432
මඩ­ක­ළ­පුව       449686
ත්‍රිකු­ණා­ම­ලය   315925
යාප­නය            593187
වන්නි                306081

මෙම දිස්ත්‍රි­ක්ක­වල සිටින ඡන්ද දාය­ක­ය­න්ගෙන් 85% ආසන්න පිරි­සක් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඡන්දය පළ කිරී­මට ඡන්ද පොළට යෑමට මහත් උන­න්දු­වෙන් බලා සිටිති.