ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට විරුද්ධව මුලතිව් පුරා පෝස්ටර්

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ (ITAK) දේශපාලනඥයන්ට එරෙහිව මුලතිව් ප්‍රදේශයේ ගම්මාන පුරා පෙරේදා (11) පෝස්ටර් අලවා තිබේ.

පෝස්ටර් අලවන ලද්දේ කවුරුන් විසින් ද යන්න ප්‍රකාශකොට නැතත් එම පෝස්ටර්වල සඳහන්ව ඇත්තේ දෙමළ ජනතාවට එක එක බොරු කියමින් ජනතාව රවටන දෙමළ දේශපාලනඥයන් බුරුතු පිටින්ම විනාශ වී යායුතු බවයි.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පුරුද්ද වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාව පාවා දී පක්ෂයේ නායකයන් විවිධ රජයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබා ගැනීම යැයි ප්‍රකාශ කරමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් මඟින් දැඩි ලෙස විවේචනයට ලක්කොට ඇත.

පොලිසිය විසින් මෙම පෝස්ටර්වලින් කොටසක් ඉරා ඉවත්කොට ඇතත් මුලතිව් ප්‍රදේශයේ බොහෝ ගම්මානවල තවමත් එම පෝස්ටර් දැකිය හැකිය.