වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් රැසකට විසඳුම් ලබා දෙන ලෙස සේවක සේවිකාවන් ආරම්භ කළ විරෝධතා හේතුවෙන් බංග්ලාදේශයේ ඩැකා අගනුවර තදාසන්න ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන 45ක් දින නියමයකින් තොරව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇඟලුම් ආයතන හිමිකරුවන් මේ තීරණය ගෙන ඇත්තේ නීති විරෝධී වැඩවර්ජන, විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වීම හේතුවෙන් බව එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2006 බංග්ලාදේශ කම්කරු පනතේ නීති ප්‍රකාරව ඇඟලුම් ආයතන වසා දැමීම හේතුවෙන් එම කාලය තුළ සේවකයන්ට වැටුප් නොලැබෙන බව ද වාර්තා වේ. මේ අතර එම ප්‍රදේශයේ තවත් ඇඟලුම් ආයතන 25කට ඊයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.